‘ව්‍යවසාය 2018 ප්‍රදර්ශනය’ විවෘත කරමින් අගමැති කියයි
*සුළු ව්‍යාපාර වැඩිවෙන එක අපේ ආර්ථිකයට ශක්තියක්
*සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දෙන ආධාර වැඩි කරනවා
අද අවශ්‍යව ඇත්තේ අපේ ශක්තියෙන් ලෝකයට මුහුණ දිය හැකි ව්‍යාපාරිකයන් බව පවසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද පහසුවෙන්ම ලබාදීම මේ වසරේදීම ක්‍රියාත්මක කරන බව පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසූවේ පෙරේදා (01) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැති "ව්‍යවසාය 2018 ප්‍රදර්ශනය" විවෘත කරමිනි.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර අංශය විසින් හත්වන වරට මේ ප්‍රදර්ශනය සංවිධාන කර ඇත. සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ගේ අලෙවිය හා අලෙවි ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ජාතික මට්ටමින් ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවීම දිගුකාලීන වෙළෙඳපොළ සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අරමුණ පෙරදැරිව මෙය සංවිධාන කර ඇත.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහම නියෝජනය කරමින් සුළු හා මධ්‍යම පරිමාණ ක්ෂේත්රයේ ව්‍යවසායකයන්ගේ අලෙවි කුටි තුන්සීයකට වැඩි ප්‍රමාණයකින් මේ ප්‍රදර්ශනය සමන්විත වෙයි.
අගමැතිවරයා විසින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් දල්වා වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කරමින් වෙළෙඳ කුටි නිරීක්ෂණය කළේය. වෙළෙඳ කුටි නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා ව්‍යාවසායකයන් හා සුහද කතා බහක නිරත වෙමින් අලෙවියට තබා තිබූ රස කැවිලිවල රස බැලීමද සිදුකළේය. අග්‍රාමාත්‍ය වරයාට එහිදී සංවිධායකයන් විසින් සමරු තිළිණයක් පිරි නැමීමද සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අග්ගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
සුළු ව්‍යාපාර වැඩිවෙන එක අපේ ආර්ථිකයට ශක්තියක්. මුදල් වැඩිවෙන්න වැඩි වෙන්න අලෙවිය වැඩිවෙනවා. අපි බලන්නේ ඒ අවස්ථාවේදී මේ සුළු ව්‍යාපාරිකයන්, මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් ශක්තිමත් කර දියුණු කරන්න. අද මේ ප්‍රදර්ශනයේ අලුතෙන් ව්‍යාපාරිකයන් බවට පත්වුණු ඒ වගේම කාලයක් තිස්සේ සුළු ව්‍යාපාරික වැඩ කටයුතු කරපු අයත්, මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික වැඩ කරන අයත් මේ ස්ථානයට පැමිණිලා තිබෙනවා.මේ ඔක්කොම සාර්ථක කරගන්න ඕනෑ. තවත් මේවා විශාල සංඛ්‍යාවක් තිබෙනවා ගම්වල මේ ව්‍යාපාර.
අපේ එකම පරමාර්ථය මේ ව්‍යාපාරවලට අත දෙන එක. මේ ව්‍යාපාර දියුණු කරන එක. රටේ ශක්තිය කුඩා ව්‍යාපාරිකයන්, රටේ ශක්තිය මධ්‍යම ව්‍යාපාරිකයන්. ඒ ව්‍යාපාර ගෙනියන්නේ විදේශිකයන් නෙමෙයි. ඒ ව්‍යාපාර ගෙනියන්නේ අපියි. වැඩියෙන්ම අපේ බැංකු සම්පත් දෙන්න තියෙන්නේ ඒ ව්‍යාපාරවලටයි. අවාසනාවකට අපි බලාපොරොත්තු වන තරමට බැංකුවලින් මුදල් දීලා නැහැ. ඒ නිසා මේ අවුරුද්ද තුළ එන අවුරුද්ද තුළ වැඩි වැඩියෙන් බැංකු මුදල් ඒ ව්‍යාපාරවලට යොමු කරන්නත්. බැංකු නොවන මුදල් ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා.
අපි සුළු ව්‍යාපාර, මධ්‍යම පරිමාණයේ තිබෙන ව්‍යාපාරවලට දෙන ආධාර වැඩි කරනවා. ආධාර ලබා දෙනවා පමණක් නොවෙයි උපදෙස් දෙනවා. හොඳ උදාහරණයක් තමයි මේ ඉන්න සමහර ව්‍යාපාරිකයන් තමන්ගේ නිර්මාණය වෙනස් කළ ගමන් තමන්ගේ අලෙවිය වැඩි වුණා. රට යන්න මේවා දිහා බලන්න, විදේශික ව්‍යාපාරයන් ගෙනැල්ලා මේ අයව පුහුණු කරවන්න මේ ව්‍යාපාරයන්ට ලංකාව වටේම ඒ වෙළෙඳ පහසුකම් දෙන්න අපි සම්පුර්ණයෙන් කැප වෙලා ඉන්නවා.ඒ නිසා විශේෂයෙන් ව්‍යාපෘති කළමනාකරණය අමාත්‍යංශය තුළින් අපේ ආර්ථික කටයුතු අමාත්‍යංශයත්, මුදල් අමාත්‍යංශයත් ඒ එක්කම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයත් එකට එකතු වෙලා තමයි දැන් මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඉන්නේ.
අපිට ඕනෑ අපේ ශක්තියෙන් තමන්ගේ ශක්තියෙන් ඉදිරියට යන්න පුළුවන් ව්‍යාපාරිකයන්, අපිට ඕනෑ අපේ ශක්තියෙන් ලෝකයට මුහුණ දෙන්න පුළුවන් ව්‍යාපාරිකයන්. මේ සමහර ව්‍යාපාරිකයන් ලංකාවේ විතරක් නොවෙයි. ලෝක වෙළෙඳපොළට ගිහින් තියෙනවා. අනිත් අයත් විශේෂයෙන් ආධාර උපකාර ඉල්ලුවා. ලෝක වෙළෙඳපොළට යන්න. මම ඒ ගැන හුඟක් සතුටු වුණා. අපි කැමතියි ඒ අයට උදව් කරන්න. අපිට අන්තිමට ඕනෑ වෙලා තිබෙන්නේ ලංකාව ලෝකයට මුහුණ දීමට පුළුවන් ශක්තිමත් ව්‍යාපාර ආරම්භ කරන්න. කුඩා ව්‍යාපාර වෙන්න පුළුවන්.
විශාල ව්‍යාපාර වෙන්න පුළුවන්. ඒ හැම එකෙන්ම ගමේ ව්‍යාපාර ආරම්භ කරන්නේ ගමේ ව්‍යාපාර ශක්තිමත් කරන එක. ඒ සෑම ව්යාපාරවලින්ම තමයි අපි දියුණුවට යන්නේ. අපි එතැනින් තමයි තරුණ තරුණියන් ගණනකට රැකියා ලැබෙන්නේ. තමන්ගේ ව්‍යාපාර ඇති කරනවා. ඒවාට උදව් උපකාර කරනවා.
එහෙමනම් ඒවාට ඕනෑ කරන ක්‍රමවේද පහසුවෙන් ලබා දෙන්න අපි මේ අවුරුද්දේ ක්‍රියා කරනවා කියා ප්‍රකාශ කරමින් මෙය සංවිධාන කරපු ව්‍යාපෘති කළමනාකරණය අමාත්‍යංශයටත් ඇමැති සාගල රත්නායකටත්, ලේකම් ඇතුළු අනෙක් සංවිධායකයන්ටත් සියලු දෙනාටමත් විශේෂයෙන්ම අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ අංශය ගැන අපේ අමාත්‍යංශයේ තවත් උනන්දුවක් පෙන්නුව හර්ෂද සිල්වා ඇමැතිතුමාටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරන ගමන් විශේෂයෙන්ම මේ ව්‍යාපාරිකයන් සියලු දෙනාම දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ව්‍යාපෘති කළමනාකරණය, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, අමාත්‍යංශ ලේකම්වරුන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ උසස් නිලධාරීන්, ව්‍යාවසායකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
රක්ෂණ ශ්‍රියන්ත
ඡායාරූප
සමන් ශ්‍රී වෙදගේ සහ අගමැති මාධ්‍ය ඒකකය
0 Comments