Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොරණ රබර් කම්හලක අපජල ටැංකියට පහක් බිලි

හොරණ බැල්ලපිටිය කලවැල්ලාව පාරේ පවත්වාගෙන යන රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක අපජලය එකතුවන ටැංකියකට වැටීමෙන් පුද්ගලයන් 5දෙනකු ඊයේ මියගොස් ඇතැයි හොරණ පොලීසිය පැවසීය.

 අපජලය එකතුවන ටැංකිය පිරිසුදු කිරීමට ආරියපාල යන අය එය විවෘත කර සුදානම් වු අවස්ථාවේ ඔහු එයට වැටී ඇති අතර, වරුණ යන අයද පැමිණ එය බැලිමට සැරසීමේ දී ඔහුද වැටී ඇති බව අනාවරණය වී තිබේ .

මියගිය ආරියපාලගේ බිරියවන මල්කාන්ති ද එම ආයතතනයේ සේවය කරන අතර එම ස්තානයට පැමිණි ඇය ද ඒ අසල බිම වැටි ඇත . සේවකයන්ගේ කැගැසීමට දුවගෙන පැමිණි අවට තරුණයන් තිදෙනෙක් ද ටැංකියට වැටුණු දෙදෙනා ගොඩ ගැනීමට උත්සාහ කිරීමේ දී ඔවුන්ද වැටී ඇති බව අනාවරණය වෙයි .

මෙසේ මියගොස් ඇත්තේ දිලිප ලොකුපතිරගේ ( 32 ) , ලාල් පුෂ්පකුමාර ( 28 ) , ප්‍රියංකර කුමාර (41) , ආරියපාල ( 40 ) , වරුණ චන්ද්‍රකුමාර (23) යන අයයි. වරුණ චන්ද්‍රකුමාර එම ආයතනයේ වැඩපරීක්ෂකවරයකු වන අතර ආරියපාල යන අය එම ආයතනයේ සේවකි.

මෙම ආයතනයේ සපත්තු නිෂ්පාදන අංශයක් සහ රබර් නිෂ්පාදන අංශයක් ඇති අතර අතතුර වු රබර් නිෂ්පාදන අංශයේ කාන්තාවක් දස දෙනෙකු පමණ සහ සේවකයන් දෙදෙනකු 19 දින සේවය කර තිබේ .

සිද්ධිය දැක බලා ගැනීමට පැමිණි පුද්ගලයන් එම ටැංකියෙන් නිකුත් වු විස වායුවක් ආඝ්‍රාණය වීමෙන් රෝගී වි හොරණ රෝහලට ඇතුළත් කර තිබේ . මෙම රෝගින් රෝහල්ගත කිරීමට කටයුතු කළ හොරණ සහ අගුරුවාතොට 1990 ගිලන් රථවල සේවය කළ කාන්තාවන් තිදෙනෙකු ද රෝහල් ගත කර ඇති අතර රෝගී වු සංඛ්‍යාව නිශ්චිතව සදහන් කළ නොහැක . එම කර්මාන්තශාලාවේ කළමනාකරුවන වේරහැර බොරලැස්ගමුවේ පදිංචිකරුවකු වන රත්නසිරි එදිරිසිංහ යන අයව මේවනවිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

හල්තොට සමුහ විනිතා මානෙල් ගමගේ සහ ගල්පාත සමූහ එච්. ඩී. ඥාණපාල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();