Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අෂාන්-ඉෂාන් කිරුළ රැක ගනිති වෙඩිසිංහට ගෞරව උපහාර

Author(s): 
ගීෂා මුණසිංහ

මෙරට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන ශූරයන් අතර ජනප්‍රියතම ධාවන පථය ලෙස සැළකෙන ඓතිහාසික ෆොක්ස් හිල් තරග බිමේ මෝටර් රථ ධාවන අංශයේ පසුගිය වසරේ දිනූ කිරුළ රැක ගැනීමට සුපිරි මෝටර් රථ ධාවන ශූර අශාන් සිල්වා සමත්විය. ඔහු එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා තරග ඉසව් ද්විත්වයම ජයගනිමින් ෆොක්ස්හිල් දක්ෂතම රියැදුරු සම්මානය දිනාගනිද්දී යතුරුපැදි තරග බිමේ ආධිපත්‍ය පතුරුවාලූ විශිෂ්ට ධාවන ශූර ඉෂාන් දසනායක ද පසුගිය වසරේ ජයගත් දක්ෂතම ධාවකයාට හිමි සම්මානය රැක ගැනීමට සමත්විය. ඔහු ශූරතාව දිනාගත්තේ එම්.එක්ස්. කාණ්ඩයේ 175 - 250සී.සී.(4ටී) 100-125 සී.සී. (2ටී) පළමු ශූරතා යතුරුපැදි ඉසව්වෙන් තෙවැන්නා වෙමින් හා දෙවැනි ශූරතා යතුරුපැදි ඉසව්වෙන් ප්‍රථමයා වෙමිනි.

කාගෙත් අවධානයට ලක්වූ සුපිරිතම හා වේගවත්ම තරග ඉසව්ව වූ එස්.එල්./ජී.ටී. 3500 සී.සී. තරග ඉසව් ද්විත්වයම පෙරළිකාර ස්වරූපයක් ගත් අතර අශාන් සිල්වාට දැඩි අභියෝගයක් එල්ල කරමින් කුෂාන් පීරිස්, උෂාන් පෙරේරා, ඉෂාක් වහාබ්, අරවින්ද ප්‍රේමදාස සහ ටිරෝන් හෙන්දවිතාරණ සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළහ.

මැන්ගී කණ්ඩායම මෝටර් රථ කණ්ඩායම් ශූරතාවට හිමිකම් කී අතර සම ලකුණු ලබා සියැට් කණ්ඩායම හා ශ්‍රී ලංකා යුදහමුදා කණ්ඩායම යතුරු පැදි කණ්ඩායම් සම ශූරයෝ වූහ.

මෝටර් රථ ක්‍රීඩාවේ මවු සංගමය වන ශ්‍රී ලංකා ඔටෝමෝබයිල් ස්පෝර්ට් (SLAS) සහ ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දායකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සංවිධාන කළ 26 වැනි ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මෝටර් රථ තරග ඉසව් 13කින් හා යතුරුපැදි තරග ඉසව් 11කින් සමන්විත විය.

වෙඩිසිංහගේ මතකය අලුත් වෙයි

මෙරට මෝටර් රථ ක්‍රිඩාවේ ප්‍රධානතම මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය වන ෆොක්ස්හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය පසුගිය දා දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ නරියාකන්ද ෆොක්ස්හිල් ධාවන පථයේදී නිමාවට පත් වූ මේ තරගාවලියේ කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ පසුගිය වසරේ නුවරඑළිය මාර්ග ධාවන තරගය අතරතුර අවාසනාවන්ත අනතුරකට ලක්ව ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ ධාවන ශූර ආනන්ද වෙඩිසිංහගේ පුත්‍රයා වන කෙන් වෙඩිසිංහ ද තරග බිමට එක්වී සිටීමය. ඔහු සිය පියාගේ මතකය ක්‍රීඩාලෝලින්ට නැවතත් සිහිපත් කරදෙමින් පියාගේ ධාවන අංකය යටතේම තරග බිමට එක්විය.

ඉෂාන් දසනායක ශූරයා බවට පත්වූ එම්.එක්ස්. කාණ්ඩයේ 175 - 250සී.සී.(4ටී) 100 – 125 සී.සී. (2ටී) ශූරතා පළමු තරගයෙන් පස්වැනි ස්ථානය දිනූ කෙන් වෙඩිසිංහ එම්.එක්ස්. රේසිං මෝටර්ක්‍රොස් දෙවැනි තරගයෙන් සිවුවැනි ස්ථානය දිනාගත්තේය.

ෆොක්ස්හිල් තරගබිමට කිසිදා අමතක නොවන ධාවන ශූරයකු වූ ආනන්ද වෙඩිසිංහ වසර 1994 සිට 1999 දක්වා අඛණ්ඩව වසර 6ක් පුරා තරග බිම දිග්විජය කළ අතර ඔහුගේ වියෝවෙන් පසුව පළමු වරට පැවැති ෆොක්ස් හිල් තරගබිමේදී කෙන් වෙඩිසිංහ සිය පියාගේ මතකය නැවතත් ජීවමාන කළේය. මෙහිදී තරගාවලියේ සංවිධායක කමිටුවේ සභාපති ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එච්. ඒ. එස්.පී.කේ. සේනාරත්න මහතා ආනන්ද වෙඩිසිංහගේ මතකය ආවර්ජනය කරමින් වෙඩිසිංහගේ බිරිඳ වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමීම කැපී පෙනුණි. මේ අවස්ථාවට වෙඩිසිංහගේ දියණියත් එක්වී සිටියාය.

තරග ප්‍රතිඵල

යතුරුපැදි

‘ජේ.’ කාණ්ඩයේ එම්. එක්ස්. (12 න් පහළ)

1.රෂ්මී කරුණාරත්න, 2.හිරුෂ පාදුක්ක, 3.පී.එච්. නඳුන් දහනායක

‘එම්.’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී.

1.නිහාල් විජේරත්න, 2.එම්.එන්. පෙරේරා, 3.ජී.ඩී.කනිල් සන්දීප

‘ජේ.’ කාණ්ඩයේ එම්. එක්ස්. (10 පහළ)

1.එච්.එම්. බිම්සර අමරනාත්, 2.එච්.එම්. දිනිත් මිහිරන්ග, 3.එන්. අයි. උදනාර

‘එස්.එම්.’ සුපර් මෝටාඩ් පළමු තරගය

1.ඉමල් මංචනායක, 2.දේශාන් සොලන්කී, 3.බුද්ධික දිනේෂ්

‘ජේ.’ කාණ්ඩයේ එම්. එක්ස්. (15න් පහළ)

1.ස්ටෙෆාන් ප්‍රනාන්දු, 2.ඩී.එම්.ඩී. කල්හාර, 3.ගඟන ප්‍රනාන්දු

‘එම්.’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. පළමු තරගය

1.ළහිරු ජීවන්ත, 2. ශානක සඳරුවන්, 3.මධුර පීරිස්

එම්.එක්ස්.රේසිං

1.බුද්ධික කසුන් සිල්වා, 2.සමීර ප්‍රේමරත්න, 3.ළහිරු ජීවන්ත

එම්.එක්ස්. කාණ්ඩයේ පළමු තරගය

1.බුද්ධික කසුන් සිල්වා, 2.සමීර ප්‍රේමරත්න, 3.ඉෂාන් දසනායක

‘එම්.’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. දෙවැනි තරගය

1.ඉවෝන් බියාජී ගුරුසිංහ, 2.ළහිරු ජීවන්ත, 3.මධුර පීරිස්

‘එස්.එම්.’ සුපර් මෝටාඩ් දෙවැනි තරගය

1.දේශාන් සොලන්කී, 2.චමින්ද ද සිල්වා, 3.ආර්.එම්.සෆ්රාස්

එම්.එක්ස්. කාණ්ඩයේ දෙවැනි තරගය

1.ඉෂාන් දසනායක, 2.ඉවෝන් බියාජී ගුරුසිංහ, 3.ගයාන් සඳරුවන්

මෝටර් රථ

‘ඒස්. එල්./ ඒ.’ මිනි 07

1.ලක්මාල් විජේරත්න, 2. කේ. පරමේෂ්වරන්, 3.ඩබ්ලිව්. එන්. එස්. තිසර

එස්.එල්./ඊ. 1000 සී.සී. නිසාන් මාච්

1. දෙවින් සේරසිංහ, 2. සප්නා වීරසේකර, 3. දිලූප පල්ලීයගුරු

එස්.එල්./ඊ. 1275 සී.සී. මිනි

1. නීල් වීරසිංහ, 2. සමන් හේමන්ත කුමාර, 3. චන්න ජීවන්ත මදනායක

එස්.එල්./ඒ. 1050 සී.සී. (නවීකරණය කළ)

1. මයිකල් විජේසූරීය, 2. සිතාර පිරීස්, 3. දුමින්ද අමරසිරී

එස්.එල්./එන්. 1300 සී.සී. ෆෝර්ඩ් ලේසර් මැස්ඩා (නවීකරණය නොකළ)

1. දෙවින් සේරසිංහ, 2. මසුර පී. වන්නීආරච්චි, 3. ඉඳුවර සේනාධීර

එස්.එල්./එන්. 1300 සී.සී. ෆෝඩ් ලෙසර් මැස්ඩා

1. උපුල්වන් සේරසිංහ, 2. තාරුක රත්නායක, 3. ඉමේෂ් සිල්වා

එස්.එල්./එච්. 1618 සී.සී.

1. කුෂාන් පිරීස්, 2. සකීර් වහාබ්, 3. රන්දික නිරෝෂන්, 4. උපුල්වන් සේරසිංහ,

5. දිනේෂ් සේනානායක

‘එස්.එල්./එච්.’ කාණ්ඩයේ 2200 සී.සී. සුභාරු ලෙගසී.

1. බුද්ධික රුක්ලන්ත, 2. ආර් මිලින්ද, 3. ෂිරාන් ඩෝල්

එස්.එල්./ජී.ටී. 3500 සී.සී. පළමු තරගය

1. අශාන් සිල්වා, 2. කුෂාන් පිරීස්, 3. උෂාන් පෙරේරා, 4. ඉෂාක් වහාබ්, 5. ටිරොන් හෙන්දවිතාරණ

5500 සී.සී. ට්‍රක් හා ජීප් රථ (ඩීසල්)

1. ඩබ්ලිව් ප්‍රියන්ත, 2. බුද්ධික රුක්ලන්ත, 3. එල්.ඩබ්ලිව්. මංජුල විජේසිංහ

එස්.එල්./ එන්. ෆෝඩ් ලේසර්/ මැස්ඩා 1500 සී.සී.

1. උපුල්වන් සේරසිංහ, 2. කුෂාන් පිරීස්, 3. අනුරාධ අමරසිංහ, 4. රන්දික නිරෝෂන්, 5. ධම්මික ගොඩගේ

එස්.එල්./ජී.ටී. 3500 සී.සී. දෙවැනි තරගය

1. අශාන් සිල්වා, 2. උෂාන් පෙරේරා, 3. අරවින්ද ප්‍රේමදාස, 4. ටිරෝන් හෙන්දවිතාරණ, 5. කුෂාන් පිරීස්

ඡායාරූප - ගීෂා මුණසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();