Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“බැරි වෙලාවත් අගමැති පැරදුනොත් කරන්නේ..? – උදේ පැවැති සාකච්ඡාවේදී ජනපති එජාපයට කිව්ව දේ..!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ගැන විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ නියෝජිතයින් කිහිපදෙනෙකු අතර පවත්වා තිබෙනවා.

තොරතුරු වාර්තා වෙන අන්දමට ඊට එක්ව සිට ඇති එක්සත් ජාතික පක්ෂ විශේෂ නියෝජිතයින් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන පිරිසයි.

මෙහිදී ජනාධිපතිවරයා සමග පැවැති දීර්ඝ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වාසභංගයේදී අගමැතිවරයා ආරක්ෂා කර ගැනීමට තමන් කටයුතු කරන බවයි. කෙසේවෙතත් කුමන හෝ හේතුවකින් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ හොත් ඉන් පසුව පත් කෙරෙන අගමැතිවරයා වන්නේද එක්සත් ජාතික පක්ෂයේම අයෙකු බවත් සහතික වී තිබෙනවා.

තමන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තැබූ විශ්වාසය පළුදු කර ගැනීමෙන් වලකින ලෙසත් තමන් කෙදිනකවත් හොරුන්ගේ පිළට එකතු නොවන බවත් සඳහන් කර ඇති බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබුණේ.

‘විශ්වාසභංගය හමුවේ ජනාධිපති ස්වාධීනයි‘- අකිල විරාජ්

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය හමුවේ තමන් ස්වාධිනව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (03) පැවසීය.

එක්සත් ජාතික පක්ෂ සභාපති ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න, මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග සමඟ තමා මළලසේකර මාවතේ පිහිටි නිල නිවසේදී හමු වු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කී බවද අමාත්‍යවරයා පැවසීය.

ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂදෙකෙහි යෝජනා බාර දෙන ලෙස ඉහත රැස්වීමේදී තමා ඇතුළු කැබිනට් ඇමැතිවරුන්ට කී බවද අද්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.

The post “බැරි වෙලාවත් අගමැති පැරදුනොත් කරන්නේ..? – උදේ පැවැති සාකච්ඡාවේදී ජනපති එජාපයට කිව්ව දේ..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();