එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු සඳහා සුදුස්සන් පත් කිරීම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරීමට පක්ෂයේ ප්‍රතිසංවිධාන සඳහා පත් කෙරුණු උපදේශන මණ්ඩලය ඊයේ (24) තීරණය කළ බව පක්ෂ ෙය් නිෙයා්ජ්‍ය මහ ෙල්කම් අැමැති අකිල විරාජ් කාරියවසම් මහතා දිනමිණ ට පැවසීය .
පක්ෂයේ නියෝජ්‍ය නායක, උප නායක , ජාතික සංවිධායක ඇතුළු අනෙකුත් තනතුරු සඳහා පත් විය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව උපදේශන මණ්ඩලයේ එකඟතාවයෙන් පත් කිරීමටත් එකඟතාවයකට එළැඹීමට නොහැකි නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පාර්ලිමේන්තු කණ්ඩායම ජන්දයකින් තනතුරු සඳහා තෝරා ගැනිමටත් තීරණය විය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා පත් කෙරුණු උපදේශන මණ්ඩලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ඊයේ රැස් වූ අවස්ථාවේදී මෙම තීරණවලට එළැඹීණි.
එම තනතුරුවලට පත් කරන අය සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීම සඳහා මණ්ඩලය නැවතත් අද රැස්වීමට නියමිතය. සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, නවීන් දිසානායක, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හරීන් ප්‍රනාන්දු, රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න, ජේ.සී.අලවතුවල,රවි කරුණානායක, නලීන් බණ්ඩාර සහ අශෝක ප්‍රියන්ත යන මැති ඇමතිවරුන් උපදේශන මණ්ඩලයට අයත් වෙති.
දැනට දිවයිනෙන් බැහැරව සිටින අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්වරුන් රැස්වීමට සහභාගි වී නොසිටියහ.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරු පත් කළ යුතු යාන්ත්‍රණය පිළිබඳවද උපදේශන මණ්ඩලයේදි දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.


0 Comments