වැලිකඩ බන්ධනාගාර ඝාතනයේ මහ මොළකරු තවමත් නිදැල්ලේ යනුවෙන් දැන්විම් පුවරු ප්‍රදර්ශනය කරමින් බන්ධනාගාර රැඳවියන් සුරැකිමේ කමිටුවේ සමාජිකයින් පිරිසක් ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය සිදු කරනු ලැබිණ.
ඝාතනයට ලක් වු රැඳවියන්ගේ පවුලේ සමාජිකයින් බෝහෝ දෙනෙක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර සාක්කිකරුවන්ට මරණ තර්ජන , වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත කෝ? ,වැලිකඩ බන්ධනාගාරයේ මහ මොළකරු ගෝඨා නිදැල්ලේ , බන්ධනාගාර රැඳවියන් ඝාතනයේ මිනීමරුවන් වහා අත්අඩංගුවට ගනු යනුවෙන් පාඨ අඩංගු දැන්විම් පුවරු ගෙන පිරිස උද්ඝෝෂණයේ නිරත වන අයුරු දක්නට ලැබිණි.
මෙහිදි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි සේනක පෙරේරා මහතා හා රැදවියන් සුරැකිමේ කමිටුවේ සභාපති සුදේශ් චන්දිමාල් ,සත්තවේලු පියතුමා,ගුරු සංගමයේ සභාපති ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වුහ.


0 Comments