නීතිය හරියට ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරින්ට යම් කිසි ප්‍රද්ගලයකු විසින් යම් බලපැමක් හෝ තර්ජනයක් කරයි නම එම තර්ජනය කළ පුද්ගලයාගේ තරාතිරම නොබලා නිති මගින් කටයුතු කරනබව නිතිය සාමය සහ රාජ්‍ය පරිපාලන ඇමැති රංජි.ත් මද්දුම බංඩාර මහතා පොලිසියට උපදෙස් දි තිබේ.
පානදුර ප්‍රදේශයේදි නිති විරෝධි පස් ජාවාරමක් කොටු කර ගත් පොලිස් කොස්තාපල්වරයකුට පස් ජාවාරම්කරුගේ තර්ජනයත් සමග ස්ථාන මාරුවක් ලබා දි තිබු අතර වහාම ක්‍රියාත්මක වනපරිදි එම ස්ථාන මාරුව නතර කර එම ස්ථාන මාරුව දුන් නිලධාරියා සහ ඒ පිළිබද සියලු තොරතුරු පරික්ෂණයකට භාජනය කර එහි වාර්තාවක් ඉතා ඉක්මනින් තමා වෙත ලබා දෙන ලෙසද අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර මහතා පොලිස් පති පුජිත් ජයසුන්දර මහතාට දැනුම් දි ඇත.


0 Comments