Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු ආසියා කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් 6ක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

මේ මස 20 වැනිදා මාලදිවයිනේ දී ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 6ක් සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමග ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින කණ්ඩායම් සහභාගි වන මේ ශූරතාවලිය සඳහා අවුරුදු 12න් පහළ වයස් සීමාව සඳහා පළමු වරට ‘Hopes‘ තරග ඉසව්ව ඇතුළත් වීම විශේෂත්වයකි. ඒ අනුව මෙවර ශූරතාවලියේ පළමුවරට එම තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවුරුදු 12න් පහළ බාලක බාලිකා කණ්ඩායම් 2ක් සහභාගි වීමට නියමිතය.

රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ මෙවර ශූරතාවලියේ අවුරුදු 18න් පහළ කනිෂ්ඨ තරග ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලංකා බාලක කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර එම තරග ඉසව්වේ බාලිකා තරගාවලියේදී විශාඛා විදුහලේ හංසනී පියුමිලා ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කරයි.

මීට අමතරව අවුරුදු 15න් පහළ ආධුනික තරග ඉසව්වේ බාලක කණ්ඩායමේ නායකයා ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හිරුණ වරුසවිතාන සහ බාලිකා කණ්ඩායමේ නායිකාව ලෙස කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය කටයුතු කරයි.

පළමු වරට ආසියානු කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියට එක්වන අවුරුදු 12න් පහළ තරග ඉසව්වේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජකීය විදුහලේ ඔෂාන් සෙනරත්ආරච්චි සහ කෑගලු බාලිකා විද්‍යාලයේ නවින්දි සෙනෙවිරත්න සහභාගි වෙති.

මේ මස 20 වැනිදා සිට 22 දක්වා පැවැත්වෙන මේ ශූරතාවලිය ලබන අගෝස්තුවේදී මියන්මාරයේ පැවැත්වෙන ආසියානු ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබන තරගාවලියක් ලෙස සැළකේ.

දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේස පන්දු ශූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස බුද්ධික දික්කුඹුර සහ ඩී.එම්.ජී.එස්.කුමාර මහත්වරු කටයුතු කරන අතර කළමනාකරු ලෙස රහල් අබේරත්න මහතා කටයුතු කරයි. බාලිකා කණ්ඩායම් භාරව යූ.පී.ඩී.ඩී.උඩගෙදර මෙනෙවිය ශුරතාවලියට එක්වනු ඇත.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති ශුරතාවලියේදී රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ශුරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

කනිෂ්ඨ බාලක කණ්ඩායම

නිමේෂ් රංචාගොඩ (නායක -රාජකීය විදුහල), චන්දූප අලහකෝන් (කිංග්ස්වුඩ්), දිශංක තෙන්නකෝන් (ධර්මරාජ), ඉසුරු අංජන (ධර්මාශෝක)

කනිෂ්ඨ බාලිකා කණ්ඩායම

හංසනී පියුමිලා (නායිකා- විශාඛා විදුහල), ඩී.එච්.කොළඹගේ (ප්‍රජාපතී ගෝතමි), ඉමාෂා ද සිල්වා (ධර්මාශෝක), අයිලා චිට්ටි (කාන්තා විදුහල)

ආධුනික බාලක කණ්ඩායම

හිරුණ වරුසවිතාන (නායක - ධර්මාශෝක), චනුල් දුල්සෙන් (ධර්මාශෝක), සෙනුර සිල්වා (ආනන්ද)

ආධුනික බාලිකා කණ්ඩායම

ජිතාරා වර්ණකුලසූරිය (නායිකා - කාන්තා විදුහල), සනායා බුද්ධදාස (විශාඛා), කවිෂ්කා කාවින්දි (ධර්මාශෝක)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();