Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නියඟයෙන් පීඩා විඳින අනුරාධපුරයේ පවුල් 5000කට සහල් බෙදාදීමක් මිහින්තලා පුදබිමේ දී

ජනතාවට සහල් ප්‍රදානය කළ අයුරු සහ පැමිණ සිටි පිරිසෙන් කොටසක්

නියඟයෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් පන්දහසක් සඳහා සහල් ප්‍රදානය කිරීමේ උතුම් කටයුත්තක් මිහින්තලා රජමහා විහාරස්ථාන පුද බිමේදි පෙරේදා (01) සිදු කෙරිණි.

මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන නාහිමිගේ මුලිකත්වය ඇතිව මිහින්තලය ජනපවුර සංවිධානයේ නියඟයෙන් පීඩාවට ජනතාව සඳහා මිහින්තලය රතනසාර දහම්පාසල අබියසදී මේ සහල් ලබා දෙන ලදී.

මේ උතුම් ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ-

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දොළහක් පමණ නියෝජනය කරන පවුල් පන්දහසක් සඳහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මේ සහල් ලබාදීමට කටයුතු කළා. විශේෂයෙන් නුවර කලාවියට කන්න කිහිපයක් වැස්ස නෑ. ඒ නිසා මේ ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ,රුවන්වැලි මහා සෑය ,මිහින්තලය විහාරස්ථානය,දළඳා හාමුදුරුවන් බලා ගත්තේ මේ අයගෙ මුතුන් මිත්තෝ.ඒ අයගෙන් පැවත ගෙන පිරිසක් තමයි මේ අය.අපට දන් දෙන්නේ මේ අය.ඒ නිසා කුසට ආහාරයක් නිසි වේලක් නෑ මේ දවස්වල.ඒ නිසා මිහින්තලය ඉන්ධන පිරවුම් හලේ නන්දලාල් මහතාට මේ බව පැවසීමෙන් අනතුරුව ලක්ෂ විසි එකකට අධික මුදලක් වියදම් කර හාල් කිලෝ විසිපන්දහසක් පමණ බෙදා දීමට කටයුතු කළා.

ලංකාවේ දානපතින්ගෙන් ඉල්ලිමක් කරනවා මේ අහිංසක මිනිස්සු තමයි රටට බත සපයන්නේ. ඒ මිනිස්සු අප බලා ගත්තා වගේ අපි දැන් ඒ අය බලා ගතයුතු වෙලා තිබෙනවා.

සිංහල අවුරුද්දට තව දින තිබෙනවා .ඒ නිසා පොල් ගෙඩියක්,වියළි ආහාර දෙන්න පුළුවන්නම් අපත් එක්ක සම්බන්ධ වෙලා මේ සත්කාරයට දායක වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක
ඡායාරූප-අනුරාධපුර අතිරේක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();