දරුණු ලෙස තුවාල කර මරා දැමු වැඩුන දිවියෙකුයේ මළ සිරුරක් හැටන් දික්ඔය හැඩ්ලි තේ වතුයායේ තිබියදී සොයාගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.
දිවියාගේ පාද හතරම ශරීරයෙන් කපා වෙන් කර ඇති බවද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.
අඩි හතරක දිගකින් සමන්විත මෙම පැන්තරා පාදුස් නැමති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම සත්වයා වතුයායේ මෑතකදි කප්පාදුවට ලක් නොකරන ලද හා තේ දළු නෙළීම අතහැර දමා ඇති තේ ගස් කිපයක් අතර තිබියදී අද (02) උදෑසන සොයා ගෙන ඇත.
සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් අටවන ලද මන්දකට හසුවී සිටියදී මෙසේ දිවියා මරා දමන්නට ඇති බව සැක කරන බව, නල්ලතන්නිය වන ජීවි කාර්යාලයට හා හැටන් පොලීසියට දැනුම් දීමට වතු අධිකාරීය කටයුතු කර තිබේ.
from Gossip Lanka News & Video https://ift.tt/2pWp1is
via internet
0 Comments