චීන ජාතිකයන් තිස් දෙදෙනකු හා උතුරු කොරියානුවන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත් කරමින් සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා දැඩි ලෙස සංවේගයට පත් වී ඇති බව වාර්තා වේ. මෙම අනතුර සිදු වී ඇත්තේ උතුරු හ්වැන්ග්හො පළාතේ පිහිටි පාලමක් මතින් සංචාරක බස් රථයක් පෙරැළී යෑමෙනි.
මෙවන් පුවත් ප්‍රචාරය කිරීම උතුරු කොරියාව දැඩි ලෙස පාලනය කර ඇති අතර කිම් ජොන්ග්- අන් ගේ ප්‍රතිපත්තින්ට අනුව මෙය අනාවරණය කිරීම අසාමාන්‍ය තත්ත්වයකි.
මෙම අනතුරින් මිය ගිය වැඩි පිරිස චීන ජාතිකයන් වන අතර මේ වන විට උතුරු කොරියාවේ ප්‍රධාන දේශපාලන මිත්‍රයා සහ විශාලතම වෙළෙඳ සහකරු වන්නේ චීනයයි.
මෙම අනපේක්ෂිත අනතුර තම හදවතට දැඩි සංවේගයක් ඇති කළ බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කළ බව එරට නිල පුවත් සේවය වාර්තා කර තිබේ.


0 Comments