Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හයිද්‍රාබාද් ලකුණු 31කින් ජයගනී

 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල සමග පැවැති 23 වැනි තරගයෙන් ලකුණු 31ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

මුම්බායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් හයිද්‍රාබාද් පිල ලබාදුන් ලකුණු 119ක ඉලක්කය හඹාගිය මුම්බායි පිලට ඕවර 18.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 87ක් පමණි.

සූර්යකුමාර් යාදව් ලකුණු 34ක් රැස්කරමින් මුම්බායි පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර කෘනාල් පාණ්ඩ්‍යා ලකුණු 24ක් රැස් කළේය. සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට හයිද්‍රාබාද් පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි. මුම්බායි අවසන් කඩුලු 6 ලකුණු 13ක් තුළ බිඳ වැටිණි.

පන්දු යැවීමේදී සිද්ධාර්ත් කෞල් කඩුලු 3ක් දවාගත් අතර බැසිත් තම්පි සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

නායක කේන් විලියම්සන් සහ යුසුෆ් පතාන් පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් පිල වෙනුවෙන් ලකුණු 29 බැගින් රැස්කළ අතර මනීෂ් පාන්ඩේ ලකුණු 16ක් සහ මොහොමඩ් නබි ලකුණු 14ක් ඉනිමට එක් කළහ. මුම්බායි පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව එක්මවීමට නොහැකිවිය.

පන්දු යැවීමේදී මයාන්ක් මාර්කන්ඩේ, හර්දික් පාණ්ඩ්‍යා සහ මිචෙල් මැක්ලෙනගන් කඩුලු 2 බැගින් දවාගත්හ.

හයිද්‍රාබාද් - 118 (ඕවර 18.4) කේන් විලියම්සන් 29, යූසූෆ් පතාන් 29 (මයාන්ක් මාර්කන්ඩේ 15/2, හර්දික් පාණ්ඩ්‍යා 20/2, මිචෙල් මැක්ලෙනගන් 22/2)

මුම්බායි - 87 (ඕවර 18.5) සූර්යකුමාර් යාදව් 34, කෲනාල් පාණ්ඩ්‍යා 24 (සිද්ධාර්ත් කෞල් 23/3, බැසිත් තම්පි 4/2, රෂීඩ් ඛාන් 11/2) 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();