වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රංගජීව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක රංගජීව හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
0 Comments