Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාජ ජාලා වාරණය කරන්න හේතුසාධක සපයන මෝඩ දේශපාලන හෙංචයියෝ..!

අද(මාර්තු 17) උදෑසන 6 ට පමණ තලවතුගොඩ කිඹුලාවල කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට ඉදිරිපිටදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෝටර් රථ දෙකක ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි වැවට වැටී ඇත. අදාළ රිය අනතුර කීල්ස් සුපිරි වෙළඳ සැලේ ආරක්‍ෂිත කැමරා වල සටහන් වී ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධව තලංගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබයි. පොලිසිය සන්දහන් කරන්නේ කොළඹ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට මෙම සුඛෝපභෝගී මෝටර් රථය අයත් බවත්ය.

මෝටර් රථය පැදවූ වියපාරිකයා විසින් අනතුරට ලක්වූ සෙසු මෝටර් රථ දෙක සඳහා අලාභ හානිය ගෙවීමට කැමැත්ත පළකර ඇති අතර අදාළ වියාපරිකයා ගෙන් ලක්ෂ 90 ක වන්ධියක් ඉල්ලා ඇත. මෙම අනතුරෙන් කිසිඳු පුද්ගල හානියක් සිදුවී නොමැති අතර අදාල වියපරිකයා බියට පත්වී වාහනය අතහැර දමා නිවසට පලා ගොස් ඇති අතර, වාහනය ලබා ගැනීම සඳහා ඔහුගේ රියදුරෙකු තලංගම පොලිසියට පැමිණ ඇති අතර කෙසේ වෙතත් අද සවස් වන විට රථයේ හිමිකරු වන ව්‍යාපාරිකයා පොලිසියට පැමිණ කට උත්තරයක් ලබා දීමට නියමිත බව තලංගම පොලිසියේ ප්‍රකාශකක් පැවසිය.

සමාජ මාධ්‍ය හරහා මෙම BMW i8 මෝටර් රථය ජනාධිපති පුත් දහම් සිරිසේනගේ නමට පැටලවිමට ධනසිරි අමරතුංග, කැලුම් ප්‍රියංකර සහ අනුපම සිල්වා යන නාමල් රාජපක්ෂගේ හෙන්චයියන් විසින් ප්‍රභල මෙහෙයුමක් දියත් කර මින් සිටින අතර මේ හරහා දේශපාලන වාසි ලබාගැනීමට නිර්ලජ්ජිත උත්සාහයක යෙදෙන ඔවුන් පතුරන මෙම බොරුව අතේ පත්තු වන්නේ ජනපති පුත් දහම් සිරිසේන මේ වන විට රට තුල නොසිටින බව සියලු දෙනා දන්නා නමුත් ඔවුන් එය නොදන්නා බැවිනි…

සමාජ ජාල සමාජයේ යහපත වෙනුවෙන් යොදා ගැනීම සබුද්ධික ජනතාවගේ වගකීම වුවත් වඳුරන්ට දැලි පිහි ලැබුනා මෙන් දඟලන මෙවන් මන්ද බුද්ධිකයින් සමග යහපත් සමාජ ජාල මාධ්‍යක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ගැටලුවකි. පසුගියදා මහනුවර කේන්ද්‍ර කරගෙන පැන නැගුනු අවාසනාවන්ත සිදුවීම පිටුපසද සිටින්නේ මෙවන් පච වපුරන මන්ද මානසික පුද්ගලයින් බව සියලු දෙනා දනී.

තව දුරටත් මෙවන් හිස් මිනිසුන්ට අවශ්‍ය පරිදි සමාජ ජාල භාවිතා කොට බොරු ප්‍රචාරය කරන්නන්ට ඉඩ නොදී බොරු සහ මඩ කිසිදු පදනමකින් තොරව පෞද්ගලික අරමුණු වෙනුවෙන් ප්‍රචාරය කරන්නන් හට වහාම නිතිය ක්‍රියාත්මක කර සමාජ මාධ්‍ය ජාල නොහොත් පුරවැසි මාධ්‍ය කරණය ශක්තිමත් කිරීම බලධාරීන්ගේ යුතුකමකි.

ෆේස්බුක් හරහා ප්‍රචාරය කෙරුණ අසත්‍ය ප්‍රචාර කිහිපයක් පහතින්,




අනෙක් කරුණ නම් ගිය ආණ්ඩු සමයේදී සත්‍ය වශයෙන්ම මෙවැනි අනතුරු සිදු කල ජනාධිපති පුතුන්ගේ සිදුවීම්ද මේ හරහා නැවත නැවතත් ඉස්මතු වීම වැලැක්විය නොහැකි කරුණක් වන බවද අප පෙන්වා දීමට කැමතිය.

2014 මැයි 1 දින නාරාහේන්පිට බේස්ලයින් පාරේ අංක තහඩු නොමැතිව අධික වේගයෙන් පැමිණි ෆෝර්ඩ් මස්ටැන්ක් වර්ගයේ කාර් රථයක් ත‍්‍රිරෝද රථයක ගැටී එහි සිටි තරුණයෙක් තුවාල වූ සිදුදියක් සම්බන්ධයෙන් එදා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරෙය පින්තූර හුවමාරූ විය. එය එදා ජනමාධ්‍ය තුළ වාරණයට ලක් වූ ප‍්‍රවෘත්තියක්ද විය. මෙම අනතුර සිදුවූ වහාම එම ස්ථානයට පැමිණ ඉතාමත් ඉක්මනින් ක‍්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකායෙ බට පිරිස් කාර් රථය එතනින් ඉවත් කොට රැගෙන යාමට ක‍්‍රියා කළහ.

අනතුරට පත්වූ ත‍්‍රී රෝද රථයේ තරුණයාව රෝහල් ගත කිරීමට ප‍්‍රථම වාහනය රැගෙන ගොස් තිබිණ. පසුව හෙළි වූයේ කිසිදු පොලිස් ස්ථානයකට රැගෙන නොගොස් එම රථය ගෙන ගොස් ඇත්තේ කඩුවෙල වාහන අලුත් වැඩියා කරන ස්ථානයට බව ය. මෙසේ සිද්දි දාමය වනවිට මෙම කාර් රථය කාගේද යන්න බොහො දෙනා අවදානය යොමුකර අංක තහඩු නොමැති මෙම වාහනය පොලිස් බාරයට නොගැනීම කාගේ උවමනාවට සිදුවුවාදැයි සෙවීමට එදා මාධ්‍ය පවා බිය විය.

එමෙන්ම අවස්ථා ගණනාවකදීම මෙම කාර් රථය ගාලු මෝදර පාර වසා රාජපක්ෂ දරුවන් රාත‍්‍රිකාලයේ පදවන අයුරු බොහෝ දැක තිබූ බවත් එමෙමෙන්ම CSN නාලිකාව සංවිධානය කරන නයිට් රේස් සදහා මෙම මෝටර් රථය සමග රාජපක්ෂ දරුවන් පැමිණි අවස්ථා බොහො අය දැක තිබේ.

 

 

The post සමාජ ජාලා වාරණය කරන්න හේතුසාධක සපයන මෝඩ දේශපාලන හෙංචයියෝ..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();