Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මඩුගල්ලේ බුද්ධරක්ඛිත හිමියන්ට වරෙන්තු

අධිකරණ නියෝග කඩකිරීමක් සම්බන්ධ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටි අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ සාමාජික මඩුගල්ලේ බුද්ධරක්ඛිත හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (16) වරෙන්තූ නිකුත් කළායහ.

සැකකරු නොමැතිව නඩුව විභාගයට ගන්නා ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය 192 පියවර අනුගමනය කරන ලෙස කොටුව පොලිසියට නියෝග කළ අතර 2015 වසරේ පැවැත්වූ උද්ඝෝෂණයේදී මංමාවත් පනත උල්ලංඝනය කරමින් අධිකරණය නිකුත් කළ නියෝග නොතකා ක්‍රියා කිරීම සම්බන්ධ නඩුවක් විභාගයට ගන්නා අවස්ථාවේ ඉකුත් නඩු දිනයේද අධිකරණය මග හැර සිටීම සලකා බැලූ මහේස්ත්‍රාත් වරිය මෙලෙස සැකකාර හිමියන්ට වරෙන්තුවක් නිකුත් කළායහ.

සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමජිකයන් වන තැම්පිටියේ සුගතානන්ද,ලහිරු වීරසේකර,හරිත ලක්මාල්, රුවන් මධුශංක ඇතුලු අනෙකුත් සැකකරුවන් අධීකරණයේ පෙනි සිටි අතර සිද්ධිය සම්බන්ධ නඩුව ලබන අප්‍රේලි මස 27 වනදාය යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත් වරිය නියෝග කළහ.

පැමිණීල් වෙනුවෙන් කොටුව පොලිසිය අධිකරණයට කරුණූ ඉදිරිපත් කළේය.

(සුභාෂිණි සේනානායක)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();