අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පළ කිරීමේ විශේෂ ආගමික වැඩසටහනක් පෙරේදා (24) වැනිදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එහිදී මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකතුමන්ලාගේ ආශීර්වාදය ලබාගැනීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබූ උදෑසන තේ පැන් සංග්‍රහයටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගි වූහ. එම අවස්ථාවට ආණ්ඩුවේ මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරිහු, අග්‍රාමාත්‍යතුමාගේ හිතමිතුරෝ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරිහු අග්‍රාමාත්‍යතුමාට සුබපැතීම සඳහා පැමිණ සිටියහ.
මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමාට ආශීර්වාද පළ කිරීමේ වැඩසටහන් රැසක් අද දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන සංවිධානය කර තිබිණි.
0 Comments