2008 අගොස්තු 08 වනදා සිට වසර 2008 සැප්තැම්බර් මස 17 වනදා දක්වා පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නාවික හමූදාවේ සේවයේ නියුතු රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතාට ලබන 23 වනදාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කර තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ආනන්ද ගූරුගේ මහතාට අවස්ථා තුනකදී දැනුම් දී තිබුණද එම අවස්ථා තුනේදීම සැකකරු පැමිණියේ නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මෝසමක් ගොනූ කරමින් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් වරිය මෙලෙස අවසර ලබා දී තිබේ.
අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වන හිටපු නාවික හමූදාලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට මහේස්ත්‍රාත් වරිය ඉකුත් (08) වනදා වරෙන්තුවක් නිකුත් කළහ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අධිතරණයට ඉදිරිපත් කළ රක්ෂිත භාරයේ සිටින හිටපු නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නාවික හමුදා සෙබළුන් දෙදෙනා වන කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්දි අරුණ තුෂාර මෙන්ඩිස් යන දෙදෙනා ලබන 22 දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙස නඩුව කැඳවූ ඉකූත් දිනයේ මහේස්ත්‍රාත් වරිය නියෝග කළහ.
මේ සිද්ධියට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ , නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර,නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස ,රාජපක්ස පතිරනලාගේ කිත්සිරි,සම්පත් මුණසිංහ යන සැකකරුවන් ඇප මත සිටි. කොටහේන වැල්ලවත්ත,ත්‍රිකුණාමලය,මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරිආරච්චිගේ ජොන් රීට්,රජිව් නාගනාදන්,ප්‍රදීප් විශ්වනාදන්,තිලගේෂ්වරන් රාමලිංගම්,මොහොමඩ් සාජිත්,ජමාල්ඩීන් ඩිලාන් ,අමනන් ලියෝන්,රොෂාන් ලියෝන්,ඇන්තනි කස්තුරිආරච්චි,ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන පුද්ගලයින් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය විමර්ශන සිදු කෙරේ.
0 Comments