Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ග්ලයිෆොසෙට් විස වල් නාශකයක් බවට තහවුරුකර තිබෙනවා

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

ජාත්‍යන්තර මොන්සැන්ටෝ විනිශ්චය සභාව මගින් ග්ලයිෆොසෙට් විස සහිත වල් නාශකයක් බවට තහවුරුකර තිබෙන බවත් මෙරට තහනම ඉවත් කර ගැනීමට ඉදිරිපත් කෙරෙන කැබිනට් පත්‍රිකාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමත නොකරන බවට තමන් විශ්වාස කරන බවත් ජනාධිපත ජ්‍යේෂ්ඨ උපදේශක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අවධාරණය කරති.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් ග්ලයිෆොසෙට් වල් නාශකය භාවිතය සඳහා සුදුසු බවට පසුගිය දා ප්‍රකාශ ප්‍රකාශ කළ කමිටු වාර්තාව ආර්ථික කළමනාකරණ ඇමැති මණ්ඩල අනු කමිටුවට දිරිපත් නොකර සෘජුව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීම ගැටලුවක් බව ද පෙන්වා දෙයි.

මෙහි ඇති ඇතැම් කරුණු විද්‍යාත්මක ක්‍රමවේදයට පටහැනි බවද රතන හිමියෝ පෙන්වා දෙති.

බොන්නට ද හැකි බවට එක් අයෙක් ප්‍රකාශ කළ බවද වෙළෙඳ සැලෙන් ගෙන එන ග්ලයිෆොසෙට් එක් තේ හැන්දක් බී පෙන්වන ලෙස තමන් එම තැනැත්තාට අභියෝග කරන බවද රතන හිමියෝ සඳහන් කළෝ ය.

මේ අනුව විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට එක් හේතුවක් ලෙස ග්ලයිෆොසෙට් වල්නාශක පාවිච්චිය ද පෙන්වා දී තිබෙන බවද එයට හේතු සාධක වන බවට පෙන්වා ඇති සාධක සියල්ල වලකා ලීමට මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති බව ද පැවසූහ.

විද්‍යාත්මක සාරධර්මවලට අනුව ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය වලකා ගැනීමට ග්ලයිෆොසෙට් වල් නාශකය භාවතය නවතාලීම අනිවාර්ය වන බව මෙහිදී පෙන්වා දුන් අතර මෙම විෂ රසාන වල් නාශක සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන විද්‍යාඥයිනට බාධා පැමිණවීම ඇතුලු බරපතල චෝදනා හතරක් සම්බන්ධයෙන් මොන්සැන්ටෝ සමාගම වරකරු බවට ද පසුගිය වසරේ අප්‍රේල් මස ජාත්‍යන්තර මොන්සැන්ටෝ විනිශ්චය මණ්ඩලය තීරණය කර ඇත. මෙම රසායනික වල් නාශක භාවිතය හේතුවෙන් විපතට පත් ජනතාවට වන්දි ලබාගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තරව එහි විෂ සහිත බව සනාතව තිබිය දී එම වල් නාශක නොයෙදීමෙන් බිලියන 11ක අලාභයක් පසුගිය වසරේ වූ බවට තේ නිෂ්පාදනයෙන් 26ක් පමණක් නිපදවන මහා පරිමාණ සමාගම් පෙන්වා දුන්න ද එම වල් නාශය භාවිතයෙන් තොරව 74ක් තේ නිෂ්පාදනය කරන කුඩා තේ වතු හිමියන්ට මේ ගැටලුව ඇති වී නැති බව රතන හිමියෝ වැඩි දුරටත් පෙන්ව දුන්හ.

මේ අනුව 2016 වසරේ කාලගුණික වෙනස්කම් හේතුවෙන් තේ නිෂ්පදානයේ යම් පහල බැසීමක් ඇතිව තිබුණ ද එය 2017 වසර යන විට ඉහළ නැංවී ඇති බවත් සඳහන් කළෝ ය.

නුවර හා නුවරඑළි දිස්ත්‍රික්ක ඇතුලු ප්‍රදේශවල මෙම වල් නාශක තේ වගාව සඳහා යෙදීමෙන් ජලයට සේදී ගංගා වැව්වලට එක්වීම වකුගඩු රෝගයට හේතුව වන බවත් මෙම වල් නාශකය මෙන්ව අනෙකුත් වල් නාශක ද මීට වස තුනක සිට තහනම් කළ ද ඒවා වෙළෙඳපොලේ විකිණීමට තිබීම සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගත යුතු බවද පෙන්වා දුන්නෝය.

මෙම තහනම ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් ජනතාව ඊට විරුද්ධව පෙළ ගැස්සවීමට ද සූදානම් බව ඒ හිමියෝ පැවසූහ.

කොළඹ සෙමා ආයතනයේ ඊයේ (26) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී රතන හිමියෝ එම අදහස් පළ කළෝය. සෙමා ආයතනයේ සභාපති අශෝක අභය ගුණවර්ධන, පේරදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය සම්බන්ධ කථිකාචාර්ය ආචාර්ය හිටිනායක , ආචාර්ය පියසේන අභයගුණවර්ධන මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූහ.

ඡායාරූපය - සිරිපාල හල්වල 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();