Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධිකරණ සංවිධාන පනතට එරෙහි පෙත්සම් විභාග අද

Author(s): 
නෙල්කා මැදගෙදර

විශේෂ මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු ඇතුළත් කොට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත්කර ඇති අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක්කර ඇති පෙත්සම් සහ එම පෙත්සම්වලට එරෙහිව ගොනුකළ අතර මැදි පෙත්සම් 12ක් අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්.ද සිල්වා, පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, මහජන එක්සත් පෙරමුණේ සභාපති දිනේෂ් ගුණවර්ධන විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි. පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන (සංශෝදන) පනත් කෙටුම්පතට එරෙහිව ‍ෙගානුකර ඇති පෙත්සම්වලට විරුද්ධව මැදිහත්ව කරුණු දැක්වීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා දේශපාලනඥයන්, සිවිල් සංවිධාන සාමාජිකයන් පිරිසක් විසින් අතරමැදි පෙත්සම් 11ක්ද ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ගොනුකරන ලදී. එම ‍පනතෙහි ඇතුළත් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ප්‍රකාශ කරන ලෙස නීතිඥ සංජීව කලුආරච්චි මඟින් ඉදිරිපත් කළ පෙත්සම් මඟින් ඉල්ලා තිබේ. රාජ්‍ය ඇමතිවරුන් වන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න,අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, ජාතික හෙළ උරුමයේ නායක ඇමැති පාඨලී චම්පික රණවක, පුරවැසි බලය සංවිධානයේ මහාචාර්ය සරත් විජේසූරිය, ජාතික වෘත්තීය සමිති සන්ධානයේ සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, ජයදේව උයන්ගොඩ, කේ. ඩබ්ලිව්. ජනරංජන, අරුණ ලක්සිරි උණවටුන සහ ජගත් හේමචන්ද්‍ර විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්.ද සිල්වා යන අය ගොනුකර ඇති පෙත්සම්වලට මැදිහත්වීම සඳහා මෙම පෙත්සම් ගොනුකර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();