සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න
2020 වන විට සියලු රෝහල් පරිඝනක ගත කරන බවත් එළබෙන මාසයේ හත්වැනි දින සියලු ශ්‍රී ලාංකිකයන්ට තම දත්ත ඇතුළත් ඉලෙක්ට්‍රොනික් කාඩ් පත්‍රයක් නිකුත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසිය.
හලාවත මහා රෝහල සඳහා රුපියල් මිලියන 1305 ක ව්‍යාපෘතීන් ලබා දීම සනිටුහන් කරමින් පැවති උත්සව සභාවක් අමතමින් සෞඛ්‍ය අැමැතිවරයා එසේ පැවසිය . මේ අවස්ථාවට නියෝජ්‍ය අැමැති ෆයිසාල් කාසිම් , පාර්ලිමේන්තු මන්ත්‍රී
ශාන්ත අබේසේකර , හලාවත මහා රෝහලේ හිටපු අධ්යක්ෂ ඒ .අයි ජාගොඩ , වර්තමාන අධ්‍යක්ෂක ,එම.අයි .සිරාජ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විණි .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අැමැති රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසිය.
මිට පස්සේ නාදුනන මළ සිරුරු තැන් තැන්වලින් හම්බ වෙන එකක් නැහැ . මොකද අපි නිකුත් කරන කාඩ් එක කොහේ හරි තැනක තියෙයි . මේ කාඩ් ප්‍රත්‍රයේ නම ,ලිපිනය ,ලේ වර්ගය මෙන්ම අදාළ පුද්ගලයාගේ සියලු සෞඛ්‍ය වාර්තා අන්තර් ගත වෙනවා . මේ කාර්ඩ් පත්‍රය මේ රටේ මිලියන 21 ක් වන සියලු ජනතාවට නිකුත් කරනවා .
මිට පෙර කොළඹ ජාතික රෝහලට පමණයි හදිසි අනතුරු වලට ප්‍රතිකාර සිමා වෙලා තිබුනේ. දැන් මේ වන විට ලංකාව පුරා හදිසි අනතුරු ප්‍රතිකාර ඒකක 120 ක් පිහිටුවල තියනවා .ඒ වගේම පසුගිය අවුරුදු තුනට අපි ලේ බැංකු 40 ක් හැදුවා .ඒ අනුව මේ වන විට උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඇතුළුව රටේ ලේ බැංකු 141 තිබෙනවා.
මෙහිදී අැමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පස් මහල් වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම ,හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයට මුල්ගල් තැබීම ,ලේ බැංකුව හා රුධිර පාරවිලන ඒකකය විවෘත කිරීම , ඊට අමතරව රෝහල සඳහා සි .ටි .ස්කෑනර් යන්ත්‍රයක් හා උපකරණ රැසක් ලබා දීමද සිදු විණි.
පුත්තලම දිසා සමුහ සහ මුන්නේශ්වරම සමූහ
0 Comments