නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (16) පැවති තරඟය අතර තුර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ආරම්භකර තිබෙනවා.
ඊයේ පැවති තරඟය අතරතුර කණ්ඩායම් දෙක අතර පැවති දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පැවති අතර බංග්ලාදේශ ක්‍රීඩකයන් විනිසුරුවන්ට විරෝධය දක්වමින් ප්‍රමාණය ඉක්මවා ජයග්‍රහණය සමරමින් කටයුතු කළ අයුරක් දක්නට ලැබුණා.
තරඟය අවසන්වීමට පන්දු දෙකක් තිබියදී නිපන්දුවක් ලබා නොදුන් බවට විරෝධය පා සිය පිතිකරුවන් ක්‍රීඩාගාරය වෙත කැදවීමට ද නායක ශකීබ් අල් හසන් උත්සාහයක නිරත වුණා.
බංග්ලාදේශ ක්‍රීඩකයන් කෙසේ හෝ ජයග්‍රහණය හිමි කර ගත්ත ද එය අප්‍රසාදජනක ජයක් බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
ජයග්රහණයෙන් අනතුරුව ඔවුන් සිය විවේකාගාරයේ වීදුරු බිඳ අලාභ හානි කර ඇති අයුරු ද ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ ට්විටර් සටහනක් තබමින් කියා ඇත්තේ තමන් බංග්ලාදේශ කණ්ඩායමට එවන් ආකාරයට හැසිරීමට හෝ සැමරීමට ඉගැන්වූයේ නැති බවයි.
from Gossip Lanka News & Video http://ift.tt/2IwZ9SZ
via internet
0 Comments