Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුණු රතු ලූනු වේළන මධ්‍යස්ථානයක් ‍වටලයි

Author(s): 
කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

රතු ලූනු තොගයේ වටිනාකම රු. ලක්ෂ 35ක්

මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක්වූ රතු ලූනු තොගයක් විදුලි පංකා යොදාගෙන වේලමින් වෙළෙඳපලේ අලෙවිය සඳහා සකස් කරමින් තිබූ ගඩඩාවක් වැටලූ පල්ලෙවෙල පොලීසිය එහි අයිතිකාර ව්‍යාපාරිකයා හා සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

කල්එළිය දම්පිල්ලෑව ප්‍රදේශයේ විශාල ගබඩා දෙකක නරක්වූ ලූනු තොගයක් ගබඩා කර ඇති බවට පොලීසියට ලද තොරතුරක් අනුව මෙම ස්ථානය වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය එහි යන අවස්ථාවේ නරක් වූ ලූනු තොගය විදුලි පංකා යොදා ගනිමින් වේලමින් තිබී ඇත. මෙම ව්‍යාපාරිකයා උස් තාප්පවලින් වටකර තිබූ මෙම ස්ථානයේ කලක් තිස්සේ ආනයනික ලූනු මෙසේ තොග වශයෙන් අළෙවි කිරීමේ නිරත වී ඇති බව පොලීසිය පවසයි. මෙම ගබඩා සංකීර්ණයේ තිබී දුම්කොල නැටි සහ කුඩා ප්ලාස්ටික් වැනි සිහින් කැබලි ද්‍රව්‍යයන් අඩංගු මලූ තොගයක් ද පොලීසියට හමුවී ඇත. මෙම ද්‍රව්‍යයන් යොදා ගත්තේ කුමන කාරණයකටදැයි හෙලි කර ගැනීමටද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වරායේ වර්ජනයක් පැවැති අවස්ථවක ගෙනා බව කියන කිලෝ ග්‍රෑම් 27000 ක් පමණ වන මෙම ලූනු තොගය ඉවත් කර ගැනීමට කල් ගතවී ඇතැයිද ඒවායේ හොඳ ඒවා ලබාගෙන නරක්වූ ඒවා විනාශ කිරීීම සඳහා කටයුතු කරමින් සිටි බව ද ව්‍යාපාරිකයා පොලිස් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත

ගබඩා කර තිබූ ලූනු තොගය රුපියල් ලක්ෂ 35 ක වටිනාකමින් යුක්තවූ බව ද හෙලිවී යැයි පොලිසිය කියයි. ව්‍යපාරිකයා පවසන්නේ නරක්වූ ලූණු තෝරා වළ දැමීමට කටයුතු කරන බවයි. එසේ කැපූ වළක්ද පෙන්වා දෙනු ලැබීය. එම වලෙහිද නරක්වූ ලූණු තොගයක් දමා ඇති අන්දම දැකිය හැකිවිය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට යොමු කිරීම ස'දහා මෙම ගබඩා සංකීර්ණයට පොලීස් ආරක්ෂාව යොදනු ලැබීය. අනතුරුව මහජන සෞඛ්‍ය පරීකෂක නිලධාරීන් පැමිණ ස්ථානය දැඩි පරීක්ෂාවට ලක් කර නරක්වූ ලූණු තොගයේ සාම්පල් ගනු ලැබීය. මේ අතර තවත් ස්ථාන දෙකක ගෝනිවල අුසුරා තිබූ පුස් කා ඇති වියලි මිරිස් තොගයක්ද තහනමට ලක් කළ මහජන සෞඛ්‍ය පරීකෂකවරුන් එම ස්ථානට මුද්‍රා තැබීමට පියවර ගනු ලැබිණි.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට බාර කෙරුණු අතර ඔවුන් අත්තනගල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත විය.

මීරිගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීකෂක සාමබන්දු කුමාර මහතා ඇතුළු නිලධාරීහු මෙ පරීකෂාවට එක්ව සිටියහ. ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත අත්තනගල්ල සහකාර පොලීස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ අධික්ෂණයෙන් පල්ලෙවෙල පොලීස් ස්ථානාධිපති පොලීස් පරීක්ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලීස් පරීක්ෂක අසේල පෙරේරා, පොලීස් සැරයන් ජයරත්න, පොලීස් කොස්තාපල්වරුන් වන කරණාරත්න, ප්‍රදීප් යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();