පාසල් ප්‍රේමය ගැන තිබෙන්නේ විවිධ අදහස්. ඇතැමුන් පාසල් ප්‍රේමය දැඩි සේ ප්‍රතික්ෂේප කරනවා. තවත් සමහරෙකු පාසල් ප්‍රේමයට ඉතාමත් ආදරය කරනවා. නමුත් බොහෝ දෙනා පවසන්නේ අවංක ආදරය ගොඩ නැගෙන්නේ පාසල් ප්‍රේමය තුළ කියලයි.
සමාජ සම්මතයන්ට අනුව පාසල් ප්‍රේමය අනුමත කළ නෙහෙැකි වූවත් පැසල් කාලය තුළ ප්‍රෙම කරන යෞවන යෞවනියන් ඔනෑතරම් සමාජ තුළ ඉන්නවා.
ඒ අතර ප්‍රේමය තුළ කාටත් පොදු වූ හිමි වීම සහ අහිමිවීම තුළ පාසල් ප්‍රෙමයත් දෝනලය වෙනවා. මෙයත් එවැනි අහිමිවීමක සංවේදී කතාවක්.
මේ අහිමිවීම සිදුවන්නේ සදහටමයි. එකී අහිමිවීම ගැන කියන මිය ගිය පෙම්වතා වෙනුවෙන් සිය පෙම්වතිය තබන්නා වූ සන්වේදී සටහනක් පහතින්…
“හිත සිත්තම් අහස උසට පුරෝගෙන හිත
අස්සේ…
උසස් පෙළ ඉහලිම දිනුමයි මගෙ හිතෙ
තිබ්බේ..
ඉල්ලද්දි ඔබ මගෙන් හැමදාම රහසේ..
පෙම් කළා ඔබටත් හොරෙන් මං ඔයා
නෑ දන්නේ..
සුපෙම් පෙම් පත් විසි කළත් මං යාලුවන්
මැද්දෙ..
ඔරවමින් ඔබ දිහා බැලුවත් තරහ නැ
තිබුනේ..
චන්ඩියා ඔබ තමයි කාටත් අපෙ
ඉස්කෝලේ..
මගෙ හිතෙ විරයා ඔබ බව ඔබ නොදැම
සිටියේ..
කෑගසා මුලු පාසලම දෙදරන තරම්
හයියෙන්..
කිව්වෙ මං මැරෙනවා සත්තයි
පොලොවෙ අත තියමින්..
ගැහි ගැහි මුලු හදවතම මම ඔබේ ඇස්
අස්සෙන්..
ආදරෙයි නොකියා ගියේ මං
ඇඩෙන්නට කලියෙන්..
නිවාඩුයි හරියට මාසයක් අයියෝ දැං
ගොඩක් පාලුයි..
විසේ කාරයගේ නාඩගම් බලන්නත්
ආසයි..
සත්තමයි මං කියනවා හෙට ආදරෙ
බෝමයි..
මුලු හිතම මම පවරනව සදහටම නුබට
බාරයි..
යද්දි මං හරි ආඩම්බරයෙන් බිම
බලාගෙන සතුටින්..
පාසලෙ ගේට්ටුව සරසා තිබුනි සුදු
කොඩියෙන්..
බලද්දි මං බැනර්1 දෙස ආයෙමත්
හැරෙමින්..
මියැදුනා හදවතින් එතැනම සියදහස්
වාරකින්..
දුවගෙනම ඇවිදින් අනේ මං මහ සෙනග
මැද්දෙන්..
වහන්නට කලියෙන් ඔබේ රුව
පෙට්ටියේ පියනින්..
ආදරෙයි සදහටම ඔබ හට ඇහෙනවද
නොදනිමි..
ප්‍රතම සහ අවසාන හාදුව තබමි ඔබ
නළලෙන්..”
උපුටා ගැනීමකි
from Gossip Lanka News & Video https://ift.tt/2ulDABF
via internet
0 Comments