Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බංගලියොන්ට වැඩ වරදීයි බංලාදේශ කණ්ඩායමට වසර දෙකක් යනතුරු ක්‍රිකට් ක්‍රීඩාව තහනම්

මහත්වරුන්ගේ ක්‍රීඩාවක්‌ද? යන්න ඉකුත් සිකුරාදා රාත්‍රියේදී සිතා බැලීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තීරණාත්මක විස්‌සයි විස්‌ස තරගයේ අවසන් පන්දුවාරයේදී නීතිය ක්‍රීඩකයන්ගේ අතට ගැනීමට උත්සාහ කිරීමෙන් ක්‍රිකට්‌ විනය කුඩු පට්‌ටම් වී යන අයුරුක්‌ දිස්‌විය. අනතුරුව ක්‍රීඩා විවේකාගාරයද කුඩු පට්‌ටම් වී වීදුරු කැලී තැනින් තැන වැටී තිබුණේය.

අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය දෙපසට දෝලනය විය. පන්දු තුනකදී ලකුණු 12 ක්‌ බංග්ලාදේශය ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යව තිබුණි. අවසන් ඕවරය යෑවූ ඉසුරු උදාන පිතිකරුවාගේ හුර හිසට ආසන්නයෙන් පිට පිටම පන්දු දෙකක්‌ යෑවීමෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ නිපන්දුවක්‌ ඉල්ලා සිටියේය. නමුත් එය නීතිය අනුව නිපන්දුවක්‌ ලෙස සංඥා කිරීමට නොහැකිය.

පිටිය මැද විනිසුරුවරුන් දෙදෙනා වූයේ රුචිර පල්ලියගුරු සහ රවීන්ද්‍ර විමලසිරිය. ඔවුන් දෙදෙනා ලංකාවේ නිසා බංග්ලාදේශ පිල වරදවා සිතා ගනිමින් එසේ හැසිරෙ

1

2

3

කෙසේ වෙතත් ලක්‍ෂ සංඛ්‍යාවක්‌ නරඹන මෙම තරගයේදී සියුම් වැරැද්දක්‌ හෝ සැණෙකින් ලොව පුරා විකාශනය වේ. එවැනි තත්ත්වයක්‌ තිබියදී ෂකීබ් අල් හසන් සහ ඔවුන්ගේ අතිරේක ක්‍රීඩක නුරුල් හසන් ‘ගොන් පාට්‌’ දමා තරගයේ ජීවගුණය බිඳ දැමුවේය. මේ මෝඩ ක්‍රියාවට මාස කිහිපයක්‌ ඔවුන්ට ක්‍රිකට්‌ තහනම් කළද සාධාරණය.

නමුත් එසේ කරන්නට අයි.සී.සී. නීති සකස්‌ව නැතිවීමෙන් ඔවුන්ට ලැබුණ උපරිම දඬුවම වූයේ තරග ගාස්‌තුවෙන් 25% ක දඩයක්‌ සහ විනය කැඩීම හේතුවෙන් ක්‍රීඩකයන්ට වෙන්ව ඇති ලකුණු පහෙන් ලකුණ බැගින් අඩුවීමය.

අයි.සී.සී.ය විසින් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීවගුණය රැක ගැනීම සඳහා ලබාදුන් මෙම දඬුවම් නීතිය අනුව තවත් වරක්‌ එවැනි චෝදනාවකට ඔවුන් කුමන ආකාරයෙන් හෝ අගති ලකුණ අහිමි කළ ගතහොත් තරග තහනමක්‌ පැනවේ. තරග තීරකයා වූයේ ක්‍රිස්‌ බ්‍රොaඩ් මහතාය. ඔහු පවසන්නේ මෙවැන්නකි, ‘

ඒ වගේ නරක හැසිරීමක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී සිදුවෙන්න බැහැ. තරගය උණුසුම් වීම ඇත්ත. ඒ වෙලාවට ස්‌වාභාවිකව ඔය වගේ දේ ඇති වෙන්න පුළුවන්. නමුත් බංග්ලාදේශ ක්‍රීඩකයන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කොහොමටවත් අනුමත කරන්න බැහැ.’

අතිරේක විනිසුරු සහ පිටිය මැද විනිසුරු ප්‍රශ්නයට මැදිහත් නොවූනේනම් තත්ත්වය මීට වඩා බරපතළ වන්නට තිබුණා යෑයි තරග තීරක ක්‍රිස්‌ බ්‍රොaඩ් මහතා වැඩිදුරටත් නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර තිබේ. කෝපයට පත් බංග්ලාදේශ ක්‍රීඩකයන් සිය ක්‍රීඩාගාරයේ වීදුරු කුඩු පට්‌ටම් කළ ‘චණ්‌ඩි’ ජවනිකාවක්‌ රඟපෑවේය.

නමුත් ඒ සම්බන්ධයෙන් සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කළ වාර්තාවක්‌ ලබාදෙන ලෙසට තරග තීරකවරයා ප්‍රේමදාස පිටියේ කළමනාකාරීත්වයට දන්වා තිබේ. නමුත් සී.සී.ටී.වී. දර්ශන අපැහැදිලි යෑයි ඔවුන් පවසා තිබේ. ශ්‍රී ලංකාවේ සී.සී.ටී.වී. දර්ශන කොහොමත් අපහැදිලිය. එබැවින් වීදුරු කුඩු කළ චණ්‌ඩින්ව සොයා ගැනීමට තවත් මෙහෙයුමක්‌ අවශ්‍යද? බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කළේය. නමුත් ඔවුන් තම ක්‍රීඩකයන් වෙනුවෙන් මීට වඩා දෙයක්‌ කරනු ඇතැයි ක්‍රිකට්‌ විචාරකයන්ද බලා සිටිති.

දැන් වීදුරු කුඩු කළේ කවුරුන්ද යන්න සොයා ගැනීමට නොහැකිය. ඇසින් දුටු සක්‍ෂි ඇතත් ඒවා පිළිගැනීමට පරීක්‍ෂණ මෙහෙයවන්නෝ අකමැතිය. කෙසේ වෙතත් බංග්ලාදේශය අවසානයේ අපිට යළිත් පෙනය පිප්පුවේය. පොඩි පොඩි අතපසුවීම්වලින් නිදහස්‌ කුසලානය වෙනුවෙන් පිටස්‌තරයන් දෙදෙනකු තරග කරන හැටි බලා සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය.



from Gossip Lanka News & Video http://ift.tt/2GFuP7Z
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();