තලංගම පොලිසියෙන් අප කරන ලද විමසීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන මේ වන විට කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඔහු සිදුකල වැරදි ලෙස සදහන් කොට ඇත්තේ ලියාපදිංචි අංක තහඩු නොමැතිව වාහනය ධාවනය කිරීම,වාහන දෙකකට අලාභාහනි සිදුවන ලෙස රිය අනතුරක් සිදුකර පලා යාම යන චෝදනා පොලිසිය විසින් ගොනු කර ඇත.
තලවතුගොඩ ප්රෙදේශයෙදී BMW වර්ගයේ කාර් රථයක් ඔයට පෙරලීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ ගත වේ.
2018.03.17 වන දින පැය 0600 ට පමණ තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්රෙදේශයෙදී, ඔයකට BMW වර්ගයේ කාර් රථයක් පෙරලි ඇත.කාර් රථයේ රියදුරු පළාගොස් ඇති අතර අංක CBB 5005 දරන මෙම BMW කාර් රථය මේ වන විට තලංගම පොලිස් භාරයට ගෙන ඇත.
මෙම කාර් රථයේ ලියාපදිංචි අයිතිකරු අංක 85 , සිගේරා පාර , මාදිවෙල ලිපිනයේ පදිංචි ෆාහිම් මොහොමඩ් හුසේන් යන අය බවට තහවුරු වී ඇත.එමෙන්ම සිදු කර ඇති විමර්ශනයේදී සටහන් කර ඇති ප්‍රකාශ කිහිපයකින් හා CCTV දර්ශන වලින්ද එම ලියාපදිංචි අයිතිකරු විසින්ම එම අවස්ථාවේදී කාර් රථය පැදවූ බවටද තහවුරු වී ඇත.රිය අනතුරක් සිදුකර පලා යාම සම්බන්ධයෙන් එම තැනැත්තා අත්අඩංගුවට ගැනීම සදහා තලංගම පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලැබේ.
තත්වය මෙලෙස තිබියදී හුදෙක් දේශපාලනික වෛරී භාවයන් සාක්ෂාත් කර ගැනීම සදහා මෙම කාර් රථයට ගරු ජනාධිපතිතුමන්ගේ සම්බන්ධතාවයක් තිබෙන බවට සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරක් ප්‍රචාරය වෙමින් පවතී.එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවට මෙලෙස නිල වශයෙන් ප්‍රකාශ කර සිටිමි.
නීතිඥ රුවන් ගුණසේකර
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
තලවතුගොඩ වහන දෙකක් අනතුරුට ලක් කරමින් ධාවනය කළ රථයේ හිමිකරු තම ඥාතියෙකු බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම පුද්ගලයා තම කාර්ය මණ්ඩලයේ හෝ දේශපාලන කටයුතු වලට සම්බන්ධ නොමැති අයෙකු බවයි.
ඊයේ තලවතුගොඩ ප්‍රදේශයේදි බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් විසින් තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත්කරමින් අසළ තිබු ඇලකට පෙරළි තිබුණා. මෙම අනතුර සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
එ අනුව , දැනට පොලිසිය විසින් සිදුකරණ පරික්ෂණවල සිය පුර්ණ සහයෝගය පිරිනමන බවයි උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය සිය නිවේදනය මගින් පවසන්නේ.
උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය නිකුත් කළ නිවේදනය.
තලවතුගොඩ දී 2018 – 03 – 17 දින බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් සහ තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවිවල පළවන වාර්ථා මාගේ අවධානයට ලක් කළෙමි. රිය අනතුරට භාජනය වූ එක් මොටර් රථයක් පදවා ඇත්තේ මාගේ ඥාතීයෙකු වන නමුත් ඔහු මගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු නොවන බවත්, මාගේ දේශපාලන කටයුතුවලට කිසිසේත්ම සම්බන්ධයක් නැති පුද්ගලයෙකු බවත් අවධාරනය කරමි. තව දුරටත් මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් කරගෙන යනු ලබන අපක්ෂපාතී පරීක්ෂණ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම මොහොතකදී මාගේ සහයෝගය උපරිමයෙන් ලබා දීමට මැදිහත් වන බවද අවධාරනය කරනු කැමැත්තෙමි.
ස්තූතියි මෙයට – විශ්වාසී
කබීර් හෂීම්
උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය
The post කාර් රථ 3 ක හප්පා ඇලට පෙරලගත් ඇමති කබීර්ගේ මස්සිනා අත් අඩංගුවට…! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments