යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම නොවුවහොත් රටේ විශාල ඛේදවාචක ඇතිවිය හැකි බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ පෙරෙදා(15) බත්රමුල්ල ජාතික හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
යුක්තිය පසිඳලීමේ ක්රියාවළිය ඇතිකිරීමේ අරගලයේ ජාතික හෙළ උරුමය දිගටම පෙනී සිටින බව සඳහන් කළ ඇමැතිවරයා අධිකරණ සංවිධාන(සංශෝධිත) පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු ඒ පිළිබඳ ඉදිරි කටයුතු සිදුකරන බව පැවසීය.
නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා මෙහිදී ප්‍රකාශ කෙළේ ත්‍රිපුද්ගල මහාධිකරණ ක්‍රියා වළියේදී පුහුල් හොරා කරෙන් දැනීම ආරම්භ වී ඇති බවයි.
ඇමැති පාඨලී චම්පික රණවක-
මේ රටේ යුක්තිය පසිදලීමේ ක්රියාවළිය කඩිනම්ව ඉදිරියට ගෙන යාම අධිකරණ සංවිධාන(සංශෝධන) පනතේ අරමුණයි. 2015 දී වත්මන් රජයේ ජයග්‍රහණය සඳහා ක්‍රියා කළේ මේ රටේ දැන උගත් ජනතාවයි. පසුගිය පාලනයේ සිදුවූ සංවර්ධන ක්‍රියාදාමය පිටුපස තිබූ විශාල ජාතික මංකොල්ලය ජනතාවට අවබෝධ වූ නිසා එම රජය ජනතාව විසින් පරාජයට පත් කළා.
අල්ලස් දූෂණ පිළිබඳ සොයා බැලීමට විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කරන්න අපට සිදු වුණා. මේ සඳහා මම, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා, රාජිත සේනානාරත්න කටයුතු කළා. අප ඉදිරිපත් කළ එක් කැබිනට් පත්‍රිකාවකට ඇමැතිවරුන් දාහතක් අත්සන් කළා. කබීර් හෂීම් ඇමැතිතුමත් අත්සන් කළා. එවැනී කෙටුම්පතක් පිළිබඳව නීතිම අදහස් විමසන්න කියා ජනාධිපතිතුමා නියෝග කළා. සරත් අමුණුගම ඇමැතිතුමා මැදිහත් වී විශේෂ අධිකරණයක් පිහිටුවීමට කෙටුම්පතක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් අධිකරණ සංවිධාන(සංශෝධන) පනත ගෙන ඒම පිළිබඳ අධිකරණ ඇමැතිතුමියට අප ස්තුතිය පිරිනමනවා. මේක 2015දී ලැබූ ජනවරමට පමා වී හෝ යුක්තිය ඉටුවිමක් ලෙස හඳුන්වන්න පුලුවන්. එදා සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙකුට අද අල්ලස් චෝදනාවක් එල්ල වී තිබෙනවා. විධායක ජනාධිපති ධූරයේ තිබූ අත්තනෝමතික බලයක් වූ තමන්ට ඕන කෙනෙක් අධිකරණ වලට පත් කිරීමට තිබු අවස්ථාව අප අහෝසි කළා. එම අයිතිය ව්‍යවස්ථායක සභාවට ලබා දුන්නා.
අධිකරණය ලොකු කුඩා කාටත් අපක්ෂපාතිව නීතිය ක්‍රියාත්මක කරන් බව පෙනෙන්නට තිබිය යුතුයි. මේ රටේ සමහර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් වැලැක්වෙනවා. අධිකරණයේ ලක්ෂ හතකට අධික නඩු ගොඩගැසී තිබෙනවා. මේ නිසා අධිකරණය අපක්ෂපාතී සහ කාර්යක්ෂම විය යුතුයි. ඉන්දියාව බරපතල අපරාධ කරුවන්ගෙන් ස්කයිප් භාවිතා කරමින් නඩු අහනවා. අපත් තාක්ෂණය උපරිමයෙන් භාවිතා කර යුතුයි.
මේ වනවිට අපේ රටේ දූෂණ,වංචා වලට සම්බන්ධ අයගේ ඉරනම සටහන් වෙමින් තිබෙනවා. මේ අය නව නීති ගෙන ඒමට කටයුතු කිරීමත් සමඟ බිය වී කටයුතු කරන බව පෙනෙනවා. ඒ නිසයි ඔවුන් අධිකරණ සංවිධාන(සංශෝධන) පනතට එරෙහිව ක්‍රියා කරන්නෙ. මෙමගින් මේ ආණ්ඩුව යටතේ සිද්ධ වූ වරදවල් සම්බන්ධයෙන්ද කටයුතු කළ හැකියි. යුක්තිය පසිදලීමේ ක්රියාවළිය ඇති කිරීමට අපත් අධිකරණ සංවිධාන(සංශෝධන) පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ ක්රියාවළිය සම්බන්ධයෙන් මැදිහත් වීමට තීරණය කර තිබෙනවා. යුක්තිය පමා වුනොත් ඛේදවාචක ඇතිවිය හැකියි. තුවක්කුවෙන් ප්‍රශ්න විසඳා ගැනීමට ජනතා කොටස් යොමු විය හැකියි.
අපේ අත්වල ලේ තවරන්න ලේ තැවරුනු පුද්ගලයින් උත්සාහ කරනවා. මේ රටේ බහුතර මුස්ලිම් ජනතාව ඉතා සාමකාමියි. ආණ්ඩුව තුළ සිටිමින් රට වෙනුවෙන් අඛණ්ඩ අරගලයක අප නියුතු වෙනවා. අධිකරණ සංවිධාන(සංශෝධන ) පනතට ජනාධිපතිතුමා, අගමැතිතුමා කැබිනට් මණ්ඩලය කැමැතියි.
ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා-
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත රටට ඉතා අතවශ්‍ය පනතක් ලෙස හැදින්විය හැකියි. පසුගිය කාලයේ මේ රටේ පිලිකාවක් සේ පැතිර තිබූ වංචාව, දූෂණය, රාජ්‍ය දේපල ගසා කෑම සමහ කොල්ල කෑම අල්ලස පිටු දැකීම තමයි මේ රටේ සියලු ජනතාවගේ ප්‍රාර්ථනය. වංචාව දූෂණය වළක්වමින් ඒවා සිදු කළ වැරදි කරුවන්ට දඩුවම් ලබාදෙන ලෙස පවසමින් වත්මන් රජය බලයට පත් වුණා. අපේ අධිකරණ පද්දතියේදී බොහෝ විට වැරදිකරුවන් වුණේ හාල්මැස්සො සහ කූනිස්සො. තෝරු මෝරු බේරී ගියා. මෙම රජය බලයට පත්වුනාට පසු වංචා දූෂණ වග විභාග කිරිම සඳහා විශේෂ යන්ත්‍රණයක් පිහිටුවිය යුතු බවට පාඨලී ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවට අධිකරණ සංවිධාන(සංශෝධන) පනත ඉදිරිපත් වුණා. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම මෙහි අරමුණයි. මේ පනත් කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන කර ගත් බලවේග අද උසාවි ගොස් තිබෙනවා මේ සංශෝධනය නැවැත්වීමට. මේ පිළිබඳ අද(16) දින පෙත්සම් විභාගයට ගන්නවා. හොරු අල්ලන්න එපා කියලද ඔවුන් ප්‍රකාශ කරන්නෙ. එහෙත් මේ රටේ පුලුල් දෘෂ්ටියක් තිබෙන ජනතාව ඉල්ලා සිටින්නෙ වංචා දූෂණ වලට සම්බන්ධ හොරු අල්ලන ලෙස. දඩුවම් ලබාදෙන ලෙස. අප මේ අවස්ථාවෙ ප්‍රකාශ කරන්නෙ අධිකරණ සංවිධාන(සංශෝධන) පනතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් වලට එරෙහිව පනත් කෙටුම්පත ආරක්ෂා කරන්න අප අද(16) අධිකරණයට යනවා. අප බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් පවතින ගැටලු විසදා උසාවි පද්ධතිය පිහිටුවා වරද කරුවන්ට දඩුවම් දීමේ ක්රියාවළිය සිදුකරන්න. නව අධිකරණ පිහිටුවීමෙන් කුලු හරකාගේ අඟින්ම අල්ලා ගැනීමට හැකිවෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයද මේ පනත පිළිබඳ මැදිහත් වී සිටීම පිළිබඳව අප කනගාටු වෙනවා. මේ රටේ වංචා දූෂණ වලක්වන් සියලු දෙනා වෘත්තිකයො ලෙස මැදිහත්වන ලෙස අප ඉල්ලා සිටිනවා.
0 Comments