Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාවේ මිනිස්සු අදින්නේ ලොරි චැසි වලට ගහපු බස් වලින් ධම්මික පෙරේරා කිව්ව සුපිරිම කතාවක්

ශ්‍රී ලංකාවේ ධාවනය වන මගී බස් රථ සියල්ලම, ලොරි චැසියට සවි කළ බස් රථ බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පසුගිය දා කොළඹ දී කරන ලද සිය දේශනයක් අවසානයේ දී ප්‍රේක්ෂක පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

“ඇත්තටම අද ලංකාවේ දුවන බස් ගත්තොත්, ලොරි චැසියට බස් එක ගහලා තියෙන්නේ. අපි දුවන්නේ සොකට්සෝබර් තියෙන බස් එකක නෙමෙයි. අපි දුවන්නේ දුනු තියෙන ඒවායේ. ලෝකයේ අනෙක් රටවල්වල දුනු තියෙන ඒවා පාවිච්චි කරන්නේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න.“
“බස් එකේ මිල අඩුවුණොත් තමයි, මේ ගාණට යන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට per capita එක achieve කරනකං, අපිට මේ වගේ බස්වල තමයි යන්න වෙන්නේ. ලංකාවේ ආදායමෙන් සියයට 2 කට වඩා ප්‍රමාණයක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න බැහැ.“

“ඒ දවස් වල බිලියන 1,000 යි ආණ්ඩුවේ ආදායම. මගේ කාලයේ බිලියන 20 යි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න පුළුවන් වුණේ. බිලියන 40 ක් 50 ක් තියෙනවා නං, හොඳ බස් ගෙනල්ලා දුවන්න පුළුවන්. බස් එකක වියදම හතරගුණයක් වෙනවා. දැනට ඒකයි ලොරි බස් දුවලා බේර ගන්නේ“.

ධම්මික පෙරේරා කියපු නියම කතාව සම්පුර්ණයෙන් අහන්න වෙලාව ගතවෙයි ඒත් අන්තිමට හිතෙයි ජීවිතේට ගන්න කොයි තරම් දේවල් මේ කතාවේ තියෙනවද කියලා



from Gossip Lanka News & Video http://ift.tt/2pl1XcS
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();