මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්ඩායමේ සුවදුක් විමසීම සඳහා පසුගිය 24දා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අනුරාධපුර බන්ධනාගාරය වෙත වැඩම කළහ.
මහනුවර පසුගියදා ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අමිත් වීරසිංහ ඇතුළු කණ්ඩායම සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
ඔවුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ මාධ්‍ය වෙත මෙසේ කීහ.
“තෙල්දෙනිය හා මහනුවර ප්‍රදේශවල ඇතිවූ ගැටුම්වලට මහසෝන් බළකායේ අමිත් විරසිංහ වත් අනෙක් තරුණයින් වත් නෙවේ අත්අඩංගුවට ගන්න ඕනේ, මේ රටේ නිදහසින් පසුව ගෙවුණු වසර 70 ක කාලය තුළ මේ රටේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා.
රටේ වාර්ගික සංහිදියාව ඇති කරන්න. ජනවර්ග අතර ඇතිවෙලා තියෙන මේ ඝට්ටනය ඒ වගේම වාර්ගික කොටස් අතර ඇතිවෙලා තියෙන ආතතිය දුරලන්න පමණක් නොවෙයි, මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන්නත් මෙරට කරවපු සියලු පාලකයෝ අසමත් වුණා.
එවැනි වටපිටාවක රටේ ඇතිවන බොහෝ නොසන්සුන්තාවලදී ජාතික සංවිධාන වෙනත් ආවේගකාරී තරුණ කොටස් විවිධ කණ්ඩායම් සිතනව ජාතිය වෙනුවෙන් අපි කුමක් හරි කරන්න ඕන කියලා.
ඔවුන් යම් යම් දේ කරනවා ඉතින් අවසානයේදී ඒ අය අපරිමිත ලෙස අදුරදර්ශීව මේ කටයුතුවලට අත පෙවීමේදී නීතියේ රැහැනට හසු වෙනවා.
අවසානයේදී ඒ අයගෙ දෙමම්පියන් හා ඒ පාර්ශ්වයන් පීඩාවට පත් වෙනවා.
තෙල්දෙණිය හා මහනුවර ඇතිවූ සිද්ධීන් වලදී අපි දැක්කා පාලනයකින් තොරව මේ රටේ පොලීසිය හැසිරිච්චි ආකාරය, අපි ඉතා පැහැදිලිව කියනවා මේ මහනුවර සහ තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන්වලට මේ රටේ අගමැතිවරයා සෘජු ලෙස වගකිව යුතුයි කියා. ඒ සිද්ධිය වෙනකොට අගමැතිවරයා තමයි මේ රටේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා.
තෙල්දෙණියේ සිට දිගන බලගොල්ල දක්වා කිලෝ මීටර් දා හතක ප්‍රමාණයක දේපළවලට හානි කරමින් පිටස්තර ප්‍රදේශවලින් පැමිණි කණ්ඩායම් පහරදි තිබෙනවා. නමුත් අත්අඩංගුවට අරන් තියෙනවා මේ කිසිම දේකට සම්බන්ධ නැති මේ ඇවිලෙන ගින්න නිවන්න මැදිහත් වුණු තරුණයින් කීප දෙනෙක්. ඔවුන් බන්ධනාගාර ගත කරලා තිබෙනවා.
විලි වසා ගන්න බොහොම ලැඡ්ජා සහගත ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වනවා. අපි මේ රටේ ජනාධිපතිවරයාට කියනවා මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා..”
ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් සහ මහසෝන් බළකායේ අමිත් වීරසිංහ එකට එකව මුස්ලිම් පල්ලි ගිනි තැබිම සඳහා කරන ලද කුමන්ත්රණයක ඉතා පැහැදිලි විඩියෝ පටයක් අන්තර්ජාලය තුළ තිබුනත්, මේ වනතෙක් ඒ පිළිබඳව ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් කට උත්තරයක්වත් අබා ගැනීමට පොලිසිය සමත් වී නැත.
ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් සහ මහසෝන් බළකායේ අමිත් වීරසිංහ එකට එකව මුස්ලිම් පල්ලි ගිනි තැබිම සඳහා කරන ලද කුමන්ත්රණයක ඉතා පැහැදිලි විඩියෝ පටය,
The post පුහුල් හොරා කරෙන් දැනෙයි – මහසෝන් ලොක්කා බලන්න ඥානසාර හිමි යයි appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments