Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සා.පෙළ ප්‍රතිඵල හෙට

Author(s): 
සිතාරා සේනානි

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2017 විභාගයේ ප්‍රතිඵල හෙට (28) නිකුත් කෙරෙන බවත්, එම විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා බී. සනත් පූජිත මහතා පවසයි.

මෙම විභාග සම්බන්ධව පැමිණිලි 2,804 ක් ලැබී ඇති අතර, එයින් 2,798 ක් අයදුම්කරුවන් සම්බන්ධ සිද්ධීන් වේ. ඒවා පිළිබඳ සිදුකළ මූලික විමර්ශනවලින් 1,829 දෙනෙකු නිදහස් වී ඇති අතර, ඉතිරි 969 දෙනාගේ ප්‍රතිඵල මේ අනුව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

නවීන තාක්ෂණික උපකරණ භාවිතා කර විභාග නීති රීති උල්ලංඝනය කිරීම ඇතුළු විභාග අක්‍රමිකතා කිහිපයක් පසුගිය කාලයේ වාර්තාවී තිබූ බැවින් විභාග නීති රීති නිසියාකාරව පිළිපදිමින් විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා විභාග නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ද විභාග කොමසාරිස් ජනරාල්වරයාට හා පොලීසියට උපදෙස් ලබා දී තිබුණි.

එසේම, පාසල් මට්ටමේ ප්‍රධාන විභාග තුන වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙළ) විහාගය හා අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම නියමිත දිනයන්හි දී නිකුත් කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 5 වැනි දින ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වැනි දින ද , අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 වැනි දින ද නිකුත් කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();