පළමු විත්තිකරු කූඩුවේදී ඇදවැටේ
හම්බන්තොට මාගම්පුර වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පිස්තෝල (සෙල්ලම්) එල්ලකර ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාවට හම්බන්තොට හිටපු නගරාධිපති ඇතුළු පස්දෙනාට එරෙහි නඩු විභාගය මැයි මස 15 දින දක්වා කල් තැබීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ (27) නියෝග ෙකළේය.
නඩුවේ පළමු විත්තිකරු වූ ප්‍රේමසිරි පරණමාන අසනීප වී විත්තිකූඩුවේ ඇදවැටීම හේතුවෙන් නඩු විභාගය කල්තැබූ විනිසුරුවරයා, අසනීප විත්තිකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඊළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය.
එවකට එජාප මන්ත්‍රීවරුන් වූ ඇමැති අජිත් පී. පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර , ඉරාන් වික්‍රමරත්න, ආර්. යෝගරාජන් යන මහත්වරුන්ට හම්බන්තොට වරායෙන් පිටව යන අවස්ථාවේ බිත්තර හා ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් 2014 අප්‍රේල් 17 දින හෝ ආසන්න දිනක සාපරාධි බලහත්කාරකම් පෑම ඇතුළු චෝදනා 29ක් යටෙත් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි.
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර, ප්‍රේමසිරි පරණමාන , තුවාන් රම්සාන් මදුෂ නිලාන් හා බිංදු ශ්‍රී වර්ණසිංහ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත. නඩු විභාගය පෙරේදා (26) හා ඊයේ (27) දින සිදු කෙරුණු අතර ඊයේ දින නඩු විභාගයේදී පළමු විත්තිකරු අසනීප වීම හේතුවෙන් නඩු විභාගය මෙසේ කල් තැබීය.
පසුගිය 26 දින පැවැති නඩු විභාගයේදී අජිත් පී. පෙෙර්රා මහතා හා යෝගරාජන් මහත්වරු සාක්ෂි ලබා දුන්හ. ඊයේ දින ඉරාන් වික්‍රමරත්න මහතා සාක්ෂි ලබා දුන්නේය. ඉරාන් වික්‍රමරත්න මහතාගේ සාක්ෂිය ලබා ගනිමින් සිටින අතර වාරයේ දහවල් 12.30ට පමණ විත්ති කූඩුවේ සිටි පළමු විත්තිකරු එකවර විත්තිකූඩුව තුළ ඇදවැටීම හේතුවෙන් නඩු විභාගය විනාඩි 30ට කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කෙරුණි. ඒ අනුව පස්වරු 01ට නැවත නඩු විභාග කැඳවූ අතර එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වෙනුවෙන් නීතිඥ තුසිත අලුත්පටබැදිගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේ විත්ති කූඩුව තුළ අසනීප වී ඇදවැටුනු පළමු විත්තිකරු වන පේමසිරි පරණමාන යන අය ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ බවත්, ඔහුට මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබාදීම සිදුකර ඇති බවත්ය. ඒ අනුව මහාධිකරණ විනිසුරු වරයා ඒ බව උසාවි පොලිස් නිලධාරීවරයාගෙන්ද විමසීමක් කළ අතර උසාවි පොලිස් නිලධාරිවරයා රෝහල් පොලිසිය මඟින් ඒ බව තහවුරු කරගෙන තිබුණි. පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ රෝහල් ගත කෙරුනු විත්තිකරු සම්බන්ධයෙන් මිළඟ නඩු දිනයේදී වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඒ අනුව මහාධිකරණ විනිසුරු වරයා අද දින රෝහල්ගත කෙරුණු පළමු විත්තිකරු සම්න්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මිළඟ නඩු දිනයට මහාධිකරණය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කෙරුණි.
මත්තල නිරීක්ෂණයට එක්වූ අජිත් පෙරේරා මන්ත්‍රීට හිරිහැර කළ කහවත්තේ සුදා වරද පිළිගනී
වසරක් සිර දඬුවම්
යහපාලන රජය පත්වීමට පෙර මත්තල ගුවන්තොටුපල නිරීක්ෂණ චාරිකාවකට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සිටි වත්මන් ඇමැති අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයාට බලහත්කාරකම් කළ කහවත්තේ සුදා නමැති අයට වසර පහකට අත්හිටවු වසරක සිරදඬුවමක් හම්බන්තොට මහාධිකරණය ඊයේ (27) නියම කළේය.
සාපරාධී බලහත්කාරකම් පෑමේ චෝදනාවට විත්තිකරු විසින් වරද පිළිගැනීම සමාව ගැනීම හේතුවෙන් මෙසේ අත්හිටවූ සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා එම සිර දඬුවමට එරෙහිව රුපියල් පනහක දඩයක්ද එම දඩය නොගෙවන්නේනම් මාසයක සිරදඬුවමක්ද නියම කළේය.
2014 අප්‍රේල් 17 දින මත්තල ගුවන්තොටුපල නිරීක්ෂණ චාරිකාවට එක්වූ එජාප මන්ත්‍රීන් වන අජිත් පී. පෙරේරා අජිත් මාන්නප්පෙරුම, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, යෝගරාජන් යන අයට බලහත්කාරකම් පෑමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා චෝදනා ගොනුකර තිබිණි.
එම චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවට වර්ණසිංහ ප්‍රියලාල් පියරත්න නොහොත් කහවත්තේ සුදාට මෙසේ දඬුවම් නියම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමාව අයදින බවට විත්තිකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටීම යන කරුණු සලකා බැලීමෙන් පසුව මෙම අත්හිටවු සිරදඬුවම හා දඩය නියම කළේය.
අම්බලන්තොට සමූහ
සූරියවැව නුවන් ජයසේකර
සූරියවැව විශේෂ
0 Comments