එල්ටිටිඊ සංවිධානය විසින් භාවිතා කරන ලද වෙලින් හෙවත් ඒ 522 නෞකාව යුධ සමයෙන් පසු නාවික හමුදාව අත්පත් කර ගැනීමට කටයුතු කළ අතර, එම නෞකාව මේ වන තෙක් නාවික හමුදාව භාරය ආරක්ෂිතව කොළඹ වරායේ නැංගුරම්ලා තිබුණි.
නෞකාව භාවිතා කිරීමට නොහැකි තත්වයේ පැවති හෙයින් එය නිසි ක්‍රමවේදයන්ට අනුව මුහුදේ ගිල්වා දැමිමට රජය තිරණය කළ අතර, ඒ අනුව අද (මාර්තු 26) බටහිර මුහුදු තීරයේදී ඒ 522 නෞකාව ගිල්වා දැමිමට නාවික හමුදාව කටයුතු කරන ලදී
.තවද, ගිල්වන ලද නෞකාව තුල විශාල වශයෙන් කොරල්පර බිහිවිම සහ ජලජ ජිවින් ගැවසිම හේතුවෙන් දේශිය සහ විදේශිය සංචාරකයින් හට කිමිදුම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති අතර, එය අප රටේ සංචාරක ව්‍යාපරයට මහත් රැකුලක් වනු ඇතැයි නාවික හමුදාව කියයි.
මේ අතර ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේදී මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමද මෙහිදී සිදුවිය.
යුද සමයේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හා මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා භාවිතා කළ වාහන කළ වාහන 25 ක් භාවිතයෙන් ඉවත් කර ගිල්වා දැමීමට සුදානම් කර ඇති අතර විනාශ කර ඇත්තේ ඉන් 8 ක් පමණි.
ගිල්වා දැමීමට පෙර මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති අතර වසර ගණනාවක් පැරණි මෝටර් රථ අලූත් වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම ද මෙලෙස මුහුදේ ගිල්වා දැමීමට ප්‍රධාන හේතුවකි.
එසේම මෙම මෝටර් රථ වෙන්දේසි කළ හොත් ඒවා පාතාල සාමාජිකයින් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් අතට පත්වීමට ඉඩ ඇති හෙයින් එය වලක්වා ගැනීම සඳහා මෙලෙස ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට පියවර ගෙන ඇත.
මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි බව පවසන නාවික හාමුදාපතිවරයා මෙවැනි වාහන ඉවත් කිරීමට ඇති හොඳම ක්‍රමය මෙය බවත් මීට පෙර ද මෙවැනි කටයුතු සිදු කර ඇති බවත් සඳහන් කළේය.
‘‘අමෙරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද මීට පෙර ගිල්වා දමා තිබෙනවා මෙය ලෝකයේ පිළිගත් නීතියක් ‘‘ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
අද ගිල්වා දැමු ‘‘වෙලින් ’’නෞකාව එල් ටී ටී ඊ සංවිධානයට ආයුධ ප්‍රවාහනය කළ නෞකාවක් වන අතර එය ඒල් ටී ටී ඊ ජාත්‍යන්තර නායකයකු වු කුමරන් පද්මනාදන් ( කේ .පී) අයත් එකක් බවත්, එම නෞකාව නාවික හමුදාව ද වසර කිහිපයක් පරිහරණය කර පසුව භාවිතයෙන් ඉවත් කළ බවද නාවික හමුදාව කියයි.මෙම නෞකාවද වෙනත් නෞකාවකින් ඇදගෙන ගොස් සෙසු වාහන සමග ගිල්වා දැමු බවද නාවික හමුදාව පවසයි.
The post ජනපතිවරුන්ගේ ආරක්ෂක රථ, කේ.පී ගේ කොටි නෞකාවක් මහ සයුර මැද ගිල්වා දැමුනු හැටි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments