Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දික්කසාඳ බිරිඳගෙන් කලින් සැමියාට

…දික්කසාද බිරිඳගෙන්…
…..කලින් සැමියාට…..

මගුල් බෙර ශ්ලෝක අෂ්ඨක
නැතිවට ආභරන සඵ පිලිවල බර
අපේ තරැ පහේ මගුලට වඩා
සුන්දරයි ඒ දවස….
කච්චේරීයෙදීම මම ඔහුගෙ වුන

එයින් පසු මදුසමය…………………!

මහා අරගල…..
පෙමක් තැවරිලාවත් නැති කරදර
වියරැ වෙස් අරගෙන
කරන යුද්දයක අග
අනෙක් පස හැරී නිදියන
හිතක් නැති පිරිමි ගතක් එක්ක
ගෙවී ගිය සත්වසක මතකය
පරාදයි ඒ
එක රැයට …………..!

පපුතුරෙක ඇති සෙනෙහස
දෝතින් අරන් හිස මත
ගල්වන ගමන් නළලත
තබන එක හාදුවකට
මොන තරම් දේවල්නම්
කරන්න පුඵවන් ද …….!
තේරැනේ එදා මට….

දන්නවද රත්නෙ

එදා රෑ කෙළවර
හුස්මත් නැවතුනා මගෙ…
තත්පර ගානකට…..
උහුල ගන්නට බැරිව
මෘදු හිතක ලතෙත් බව…….

දන්නවද රත්නෙ…!
ඒ තමයි ප්‍රේමය….

ඉනික්බිති ………………!

ජීවිතේ පටන් ගත්තෙ අපි…
පොඩි කුලී ගේකය……

එදා සිට…
බොහො දාට

ඉරටත් කලින් ඇහැරී
මගෙ නින්ද බිදෙතැයි දුකට
විදුලි එළි වත් නොදල්වා
රිංගලා මුඵතැන් ගෙට….

මොහොතකින්

දුම් දැමූ කිරි කෝපි බඳුනුත් ගෙන
යහන අසලින් මතු වෙන.
අත තබා උර මත
“නැගිටිනෝ .. එළිවෙලා “ යයි පවසන
හඩක ඇති මෘදු බව..

දන්නවද රත්නේ ……!
ඒ තමයි ප්‍රේමය……….!

( කුස්සි අස්සෙ රිංගන්නෙ නැතිව
පිරිමි පිරිමි විදියට ඉන්න ඕනෙ කියල
දැන් ඔයා කියයි ඒකට වෙන නමක් .
කැත කටින්
කැත නමක් … )

නෑ රත්නෙ ….
ඒ තමයි ප්‍රේමය…

ජීවිතෙයි කියන්නෙ.
රෝද හතරක යෑමය
විසල් නිවසක හිදීමය
ඔඩෙල් එම් සී එක්කන්
යන කෙනෙක් හා විසීමය….

එහෙමයි හිතුවෙ ඉස්සර….!

ඒ වුනත් ……

එය නෙමෙයි ප්‍රේමය….

නින්ද යන්නට ඉස්සර
සිලිටි හිස පිරිමැද

“ මහන්සියි නේ..හෙට අපි කඩෙන් කමු “
“ සති අන්තෙ අම්මලා බලල එමු “
“ ඔයාගෙ හොදම යාඵවා..
කඵ කෙට්ටු කෙල්ල අර ..
අන්න හරි ඔව් අරැණි..
ඒ පැත්තෙ ගිහින් එමු .. “

ගෑනු හිත කියව කියවා
ආදරෙන් විමසන

ඒ තමයි ප්‍රේමය…!.

නැතිව……

මාසෙ අන්තිම පඩියෙන්
කොටසක් තබා අත මත….
බෝඩිං කාර කෑමක…..
නිල ලත් සඵ පිලි ඉනීමක
නිරත වෙන එක ම
නෙමෙයි ප්‍රේමය….!

රත්නෙ….!

හෙට ඉදන් හරි ඔයාටත්…
ටිකක් හරි මෙහෙම වෙන්න පුඵවන්නම්
ඇය වුනත් කැමැති වෙයි තව..

දන්නව ද..රත්නෙ…

ගෑනු අපි ආදරෙයි කියල පතන්නෙ
පුංචි පුංචි දේවල් ටිකකට….

සද්දන්ත සිරැර ඇති
මහ හුගක් පිරිමි

නොදන්නෙම
ඒක….

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි



from Gossip Lanka News & Video https://ift.tt/2pLdHGN
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();