අන්තර්ජාතික එක්දින පිටියේ වේගයෙන්ම කඩුලු 100 සම්පූර්ණ කළ ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඇෆ්ගනිස්ථානු සුපිරි දඟපන්දු යවන්නා වන රෂීඩ් ඛාන් සමත් විය.
ඒ ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට පැවැත්වෙන එක්දින තරගාවලියේ බ.ඉ.කොදෙව්වන් සමග ඊයේ (25) පැවති තරගාවලියේ අවසන් මහා තරගයේදී ෂායි හෝප්ගේ කඩුල්ල දවා ගනිමිනි.
රෂීඩ් මෙම කඩඉම පසුකිරීම වෙනුවෙන් තරග 44ක් පමණක් වැය කොට තිබූ අතර, ඒ සමගින්ම තරග 52කදී මෙම කඩඉම පසුකර මීට පෙර වාර්තාවට හිමිකම් කියූ ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් දෙවැනි ස්ථානයට පත්විය.ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම කඩයිම වේගයෙන්ම පසුකල පන්දු යවන්නා ලෙස වාර්තා වන්නේ අජන්ත මෙන්ඩිස් වන අතර ඔහු කඩුලු 100 පසුකර තිබුනේ තරඟ 63 කිනි.
මීට අමතරව මෙම කඩඉම පසු කිරීමට රෂීඩ්ට වැය වී තිබුනේ ඔහු අන්තරජාතික පිටියට පැමිණ වසර 2 දින158ක කාලයක් පමණක් වන අතර, මේ අනුව අඩුම කාලයක් තුළ මෙම කඩඉම පසුකළ ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානය රෂීඩ්ට හිමිවී ඇත. වසර 1 දින 225කින් මෙම කඩඉම ජයගත් පාකිස්තානු දඟපන්දු යවන ක්‍රීඩක සක්ලේන් මුෂ්ටාක් මෙම සටහනේ පෙරමුණේ පසුවේ.
රෂීඩ් මෙලෙස ඉතා ඉක්මනින් ජාත්‍යන්තර පිටියේ කඩුලු දඩයම කරගෙන යාම IPLතරඟාවලියේ රෂීඩ් ගේ පුහුණුකරු වන මුරලිගේ වැඩිම එක්දින කඩුලු වාර්තාවට ද අභියෝගයක් විය හැකි අතර තවත් කාලයක් ක්‍රීඩා කල හැකි රෂීඩ් තම කඩුලු දඩයම මේ අකාරයෙන් කරගෙන යන්නේ නම් මුරලි පසු කිරීමට රෂීඩ් ට ඕනෑ තරම් කාලය ඇත.IPL තරඟාවලියේ සාර්ථකත්වය සමඟ මුරලි රෂීඩ් ගැන පවසා තිබුනේ ඉතා හොඳ දක්ෂතාවක් සහිත දිගු ගමනක් යා හැකි පන්දු යවන්නෙකු ලෙසය.එමෙන්ම රෂීඩ් මුරලි ගැන පවසා තිබුනේද තමාට මුරලි යටතේ පුහුණුව ලැබීම තමාගේ වාසනාවක් බවත් තමා ඒ කාලය තුල පන්දු යැවීමේදී කලයුතු අලුත් උපායන් රැසක් ඉගනගත් බවය.
from Gossip Lanka News & Video https://ift.tt/2Gd0SeA
via internet
0 Comments