අවුරුදු 5 ක් වයසැති දරුවන් සියයට 65 ක් ද, වයස අවුරුදු 12 දරුවන් සියයට 40 ක් ද දන්ත රෝගවලින් පෙළෙන බවට සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී තිබේ. මේ හේතුවෙන් පාසල් දරුවන් බහුතරයක් විවිධ දන්ත රෝගවලට ගොදුරුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මුඛ පිළිකා නිසා දිනකට පුද්ගලයින් තුන්දෙනකු මරණයට පත්වන බව ද සමීක්ෂණ වාර්තාවලින් පෙන්වාදෙයි.
ලෝකයේ පුද්ගලයින් මිලියන 6 ක් දන්ත රෝගවලින් පීඩාවට පත් වන බවත් මෙරට පුද්ගලයින්ගෙන් ද බහුතරයක් දන්ත රෝගවලට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙරට පිරිමි පුද්ගලයන් අතර සුලබම පිළිකාව මුඛ පිළිකාව බවත් වැඩ කරන වයසේ බහුතරයක් මුඛ පිළිකාව නිසා මරණයට පත් වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාසල් දරුවන් අතර බහුල මුඛ සෞඛ්‍ය ගැටලු ලෙස විදුරුමස් ප්‍රදාහය, දත් දිරායාම, අක්‍රමවත්ව දත් පිහිටීම, දත්වලට සිදුවන හදිසි අනතුරු, දත් දුර්වර්ණ වීම, මුඛයෙන් දුගඳ හැමීම යනාදිය පෙන්වාදිය හැකි අතර නිසි වේලාවට දත් මැද මුඛය පිරිසිදුව පවත්වා ගැනීමෙන් දන්ත රෝගවලින් වැළකී සිටිය හැකි බව වෛද්‍යවරු පවසති.
0 Comments