Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුවර්ස් ක්‍රීඩකයෝ පළඟ ශූරතාව දිනති

නිරෝෂාන් ප්‍රියංකර

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතා වටය නිමාවට පත්කරමින් යුද හමුදාව සමග බී.ආර්.සී. පිටියේ පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් හිමිකරගත් මුවර්ස් ක්‍රීඩා සමාජය එම ශූරතාව දිනා ගැනීමට සමත් විය.

අවසන් සතියට අදාළව බ්ලූම්ෆීල්ඩ් - බදුරලිය හා ද්‍රවිඩ සංගම් - සී.සී.සී. කණ්ඩායම් අතර පැවැති තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරග 5කට සහභාගිවූ මුවර්ස් පිල මේ වටයේ පළමු ජය වාර්තා කළ අතර ඉන් පෙර පැවැති තරග 4ම ජය පරාජයෙන් තොරව නිමාකර ගනිමින් ප්‍රසාද ලකුණු 52.31ක් ලබා ගත්තේය.

තරගයක් ජයගෙන 4ක් ජය පරාජයෙන් තොරව නිමාකරගත් බදුරලිය පිල ප්‍රසාද ලකුණු 48.34ක් ලබා දෙවැනි ස්ථානයට පත්වූ අතර ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය තෙවැනි තැනට පත්වූයේ ප්‍රසාද ලකුණු 46.48ක් සමගිනි. ඔවුන් සහභාගිවූ තරග 5 ම ජය පරාජයෙන් තොරව නිමාවට පත්කරගෙන තිබිණි.

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට බ්ලූම්ෆීල්ඩ් පිල පත්වූ අතර ඔවුන්ට මෙවර තරගාවලියේ ඉවත් වීමට සිදුවන අතර ලබන තරගවාරයේදී දෙවැනි කොටසින් (ටියර් බී) කාණ්ඩයෙන් තරග වැදීමට සිදුවනු ඇත.

තරගාවලියේ මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසි මුවර්ස් පිල එම වටය නිමාකළේ සහභාගිවූ තරග 6 ම ජය පරාජයෙන් තොරව නිමාකර ගනිමිනි. ඔවුන් කණ්ඩායම් 7ක් සහභාගිවූ ‘ඒ’ කාණ්ඩයේ 6වැනි ස්ථානයේ පසුවූ අතර බ්ලූම්ෆීල්ඩ් 7වැනි තැන පසුවිය.

මූලික වටයේ ප්‍රසාද ලකුණුද සමගින් පළඟ ශූරතාව වටයට එක්වූ මුවර්ස් පිලට කණඩායම් 6ක් එක්වූ එම වටය ආරම්භයේදී හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.

ද්‍රවිඩ සංගම් හා බදුරලිය කණ්ඩායම් සමග පැවැති තරග ජය පරාජයෙන් තොරව නිමාකරගත් මුවර්ස් ක්‍රීඩකයෝ අවසන් වටයේදී යුද හමුදාව ලකුණු 21කින් පරාජයට පත් කළේය.

අවසන් සතියට අදාළව පැවැති තරගවලින්ද බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ රමේෂ් මෙන්ඩිස්, අනුක් ප්‍රනාන්දු, බදුරලිය පිලේ නදීර නාවෙල හා සී.සී.සී. ක්‍රීඩා සමාජයේ ලසිත් අබේරත්න ශතක වාර්තා කළ අතර ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිම දෙකේදී කඩුලු 11ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සී.සී.සී. ක්‍රීඩා සමාජයේ දිනුක් හෙට්ටිආරච්චි සමත් විය.

මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ මංගල තරගයට එක්වූ එච්.ආර්.සී. ඩිල්ෂාන් කඩුලු 8ක් (75/5 හා 63/3) දවා ගත්තේය.

මුවර්ස්ට ජය

මුවර්ස් පළමු ඉනිම - 90 (ඕවර 29.2) (යසෝද මෙන්ඩිස් 32/4, දුෂාන් විමුක්ති 18/3) සහ දෙවැනි ඉනිම - 314 (ඕවර 83.5) චාමර සිල්වා 93, කෝසල කුලසේකර 66 (මල්ක මදුෂංක 82/4)

යුද හමුදා පළමු ඉනිම - 211 (ඕවර 55.4) ලියෝ ෆැන්සිස්කෝ 58 (එච්.ආර්.සී.ඩිල්ෂාන් 75/5) සහ දෙවැනි ඉනිම - 172 (ඕවර 46.2) සීකුගේ ප්‍රසන්න 51 (කෝසල කුලසේකර 47/4, තරිඳු රත්නායක 40/3, එච්.ආර්.සී.ඩිල්ෂාන් 63/3)

බ්ලූම්ෆීල්ඩ් - බදුරලිය

බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම - 173 (ඕවර 51) (සවිත් ප්‍රියාන් 69/4) සහ දෙවැනි ඉනිම - 295/4 (ඕවර 68) රමේෂ් මෙන්ඩිස් නොදැවී 102, අනුක් ප්‍රනාන්දු නොදැවී 102, ළහිරු ජයකොඩි 61

බදුරලිය පළමු ඉනිම - 423/9 (ඕවර 156) නදීර නාවෙල 124, පැතුම් නිශ්ශංක 111 (මලිත් ද සිල්වා 77/4)

ද්‍රවිඩ සංගම් - සී.සී.සී.

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 197 (ඕවර 65) තරංග පරණවිතාන 69 (දිනුක හෙට්ටිආරච්චි 64/6) සහ දෙවැනි ඉනිම - 251/5 (ඕවර 83.1) සිතාර ගිම්හාන 69, දිනුක් වික්‍රමනායක 53, තරංග පරණවිතාන නොදැවී 51 (දිනුක් හෙට්ටිආරච්චි 108/5)

සී.සී.සී. පළමු ඉනිම - 442 (ඕවර 100.1) ලසිත් අබේරත්න 115, සචිත් පතිරණ 70, අශාන් ප්‍රියංජන් 66 (රමිත් රඹුක්වැල්ල 135/3) 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();