බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු ගැන රටම කතා කළේ පසුගිය නිදහස් දිනය හා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඇතිවුණු සිදුවීමත් එක්ක.
මේ සිදුවීමෙන් පසු සේවයෙන් ඔහුව ඉවත් කළත් ජනාධිපතිතුමාගේ නියෝග මත ඔහුව නැවත සේවයේ පිහිටුවා.
පසුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව නැවතත් ලංකාවට කැඳවා තිබුණා.
හමුදාපතිවරයා නම් කිව්වේ ඔහුගේ ආරක්ෂාවට එහෙම කළා කියලයි.
හැබැයි අද තිබ්බ මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න කියලා තිබුණේ මෙහෙම කතාවක්.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක් ලබා දී ඇති නිසා ඔහුව මේ විදිහට ලංකාවට කැදෙව්වා කියලා ඔහු පවසනවා.
එ් වගේම යුධ හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානානයක සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අතර අද මේ ගැන සාකච්ඡාවකුත් පැවති බව මේජර් අජිත් ප්‍රසන්න පවසනවා.
මේ නිසා බ්‍රිගේඩියර්වරයාගේ තානාපති සේවය අහෝසි වෙනවා කියලත් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.
තවද ප්‍රියංක ප්‍රනාන්දුගේ බිරිඳ සහ දරුවන්ගේ වීසා අවලංගු කරලා වහාම ලංකාවට ගෙන්වන්න කියලා දෙමළ ඩයස්පෝරාවත් ඉල්ලීමක්ද කර තිබුණා.
from Gossip Lanka News & Video http://ift.tt/2GNygZg
via internet

0 Comments