‘වස විස නැති රටක්’ යන තේමාව යටතේ ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම වැඩසටහන ඇරඹීමට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ “උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA) මේ වනවිට ක්‍රියාත්මකව ඇත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අතුරලියේ රතන හිමියන් මේ බව අනාවරණය කළේ 22 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
මේ කමිටු රැස්වීම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති අජිත් මාන්නප්පෙරුම මහතාගේ හා ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් පී.ඩී. අනුර පියබන්දු මහතාගේ සහ ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ආර්.පී. කස්තුරිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
රසායනික පොහොර ආශ්රිත ආහාර ගැනීමෙන් වැළලඳෙන රෝගවලින් ජනතාව මුදා ගැනීමේ අදහසින් මෙම වැඩ සටහන රටපුරා මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේද ක්‍රියාත්මක කළ යුතු බවද මෙම වැඩසටහන ගැන කමිටු නියෝජිතයින් දැනුවත් කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
යෝජිත ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන යටතේ 2018 යල කන්නයේ කාබනික වී වගාව අක්කර 100ක වගා කිරීමද, මහ කන්නයේ 2018 – 2019 කාබනික වී වගාව අක්කර 300ක වගා කිරීමටද යෝජිතය.
පොල් වගාවද අක්කර 110 ක 2018 වසර තුළ කාබනික පොහොර යෙදීමට යොමු කෙරේ. පලතුරු වගාව (අන්නාසි සහ කෙසෙල්) අක්කර 50ක් 2018 වසර තුළ කාබනික පොහොර යෙදීම සඳහා යොමු කෙරේ. ගෙවතු වගාව අක්කර 40ක් සඳහා අවශ්‍ය පවුල් ඒකක ප්‍රමාණය සම්බන්ධ කිරීම සහ ගෙවතුවගා පිහිටුවීම සිදු කෙරේ.
මෙම යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කරවීමට, වැඩසටහන සඳහා සහයෝගය, මැදිහත්වීම සඳහා අදාළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා කෘෂිකර්ම උපදේශක නිලධාරීන් සහ අදාළ නිලධාරීන්ද පොල්වගා සංවර්ධන නිලධාරීන්, ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් හා අදාළ නිලධාරීන්ගේ සහාය ලබා ගැනේ.
උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව දියත්කළ මෙම වැඩසටහන සඳහා ක්‍රියාධරයන් සූදානම් කිරීම වස විස නැති වගාව සඳහා ගොවීන්ට පුහුණුව ලබාදීමද සිදු කෙරේ. මේ වනවිට සම්පූර්ණ කර ඇති කාර්යයන් වනුයේ, 2017 – 2018 මහ කන්නයේ පර්යේෂණ ව්‍යාපෘතිය ආශ්රිත ප්‍රදේශවල ගොවීන් හඳුනා ගැනීම සිදු කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ කාන්තා සමුපකාර බැංකු, කෘෂිකර්ම කමිටු නිලධාරිනියන් හා සෞඛ්‍ය කමිටු නිලධාරිනියන් සමඟ සාකච්ඡා කොට මූලික තොරතුරු ලබා ගැනීම ආරම්භ කර ඇත. පාරම්පරික කාබනික ගොවීන් මඟින් අදාළ ප්‍රදේශවල ගොවි කණ්ඩායම් හඳුනාගැනීම සිදුවේ. මේ අනුව අනාගතයේදී වසවිසෙන් තොර කෘෂිවගාවන් ඇතිකර ගැනීමේ අරමුණ ඉටුකරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


0 Comments