මහා සංඝරත්නයේ සෙත්පිරිත් දේශනා මධ්‍යයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයා ලෙස අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (27) දහවල් සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
කොළඹ කොටුවේ පිහිටි අමාත්‍යාංශයේදී රාජකාරි භාරගත් බවට සඳහන් ලේඛනයට මුලින්ම අත්සන් තැබූ කිරිඇල්ල මහතා එය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරන මහතාට භාර දුන්නේය.
රාජ්‍ය ව්‍යවසාය ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය නිල රාජකාරි කටයුතු ඇරඹීම අද (28) සිදුවෙයි.
පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නාහිමි, පූජ්‍ය තීනියාවල පාලිත නාහිමි, දඹර අමිල, අඹන්වල ඤාණාලෝක, තල්පොත ධම්මජෝති, අත්තරදෙනියේ ශාසනරතන යන හිමිවරු ඇතුළුව තිස්නමක් වූ මහා සංඝරත්නය හමුවේ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණ අතර උන්වහන්සේලා ඇමැතිවරයාට සෙත්පැතූහ. ආගමික වතාවත්වලට ප්‍රමුඛස්ථානය දෙමින් චාම් ලෙස අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව පැමිණ සිටි පිරිස ඇමැතිවරයාට සුබපැතුම් එක්කළ අතර ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත වුණි.


0 Comments