Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ ජයග්‍රහණය ඓතිහාසිකයි

Author(s): 
අනුර ප්‍රේමලාල්

මහජන එක්සත් පෙරමුණේ, ඒකාබද්ධ විපක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂයක් විසින් එම ආයතන වැඩි ප්‍රමාණයක බලය හිමිකර ගත් මෙම ජයග්‍රහණය ඓතිහාසික බව මහජන එක්සත් පෙරමුණේ, ඒකාබද්ධ විපක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඊයේ(11) බත්තරමුල්ල නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද කීය... මෙම ජයග්‍රහණයේ තවත් සුවිශේෂි තත්ත්වයක් වන්නේ නව දේශපාලන පක්ෂයක් සමඟ නව ලකුණක් යටතේ මෙම මැතිවරණය ජය ගැනීමයි. මේ සුවිශේෂි ඓතිහාසික ජයග්‍රහණය ලබාදුන් රටේ ප්‍රගතිශීලි ජනතාවට හා ජනමාධ්‍යට අපේ ප්‍රණාමය පුදකර සිටිනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් ජයග්‍රහණය අතිවිශිෂ්ටයි. එතුමා මේ ජයග්‍රහණයට ලබාදුන් නායකත්වයට අපේ කෘතවේදීත්වයත් හිමිවිය යුතුයි. මෙවැනි ජයග්‍රහණයක් ඉතිහාසයේ කිසිදිනෙක ලබාගෙන නැහැ. ආණ්ඩුවේ නොසිට විපක්ෂයේ සිට ඊට අයත් අයිතිවාසිකම් ද කප්පාදු කොට තිබෙන අවස්ථාවකදී ලැබු ජයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

මේ ප්‍රතිඵලය දෙස බලද්දී ආණ්ඩුවේ සිටින නායකයන් දෙදෙනාම ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන බවයි පෙනෙන්නට තියෙන්නේ. අගමැතිතුමා නිතරම කියන්නේ තම පක්ෂය මෙරට තියෙන ලොකුම පක්ෂය බවයි. එතුමා අගමැති ලෙස සිටින විටයි මේ පරාජයට ලක්වෙන්නේ. ජනාධිපතිතුමා මෙරට පැරැණිම දේශපාලන පක්ෂයක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පරාජයට පත්කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දදායකයන්වත් මීට ඡන්දය දීලා නැති බවයි මින් පැහැදිලි වන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවේ සිට වත්මන් ආණ්ඩුවේ නායකයන් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ කියපු කතාව රටේ ජනතාව අනුමත කර තියෙනවා. මේ මැතිවරණයේ දී ගම පමණක් නොවේ නගර පවා අපිට ඡන්දය දීලා තිබෙනවා. පළාත් පාලන ආයතන දෙසිය පනහකට ආසන්න ප්‍රමාණයක බලයක් හිමිකර ගිනිමින් සිටිනවා. ගණන් කොට පැය දෙකකින් මැතිවරණ ප්‍රතිඵල දෙනවා කියා කොමිසමේ සභාපති කිව්වාට එය එතුමාට කරන්න නොහැකිවීම ගැන කනගාටුවන බව කිව යුතුයි. ඊයේ රාත්‍රී 10 වනවිට කොට්ඨාසවල ඡන්දය ගණන් කොට අවසානයි. නමුත් කෙසේ හෝ සභාපතිතුමා ප්‍රතිඵල ලබාදීම ගැන ස්තූති වෙනවා. මේ ප්‍රතිඵලයත් සමඟ වත්මන් ආණ්ඩුවට ජනබලයක් නොමැති බව පෙන්වාදිය යුතුයි. ඒ නිසා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදි ලෙස බැලුවහොත් ඉල්ලා අස්වීම අවශ්‍යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී.ඇල්.පීරිස් මහතා... ජනතාව පැහැදිලි පිළිතුරක් ආණ්ඩුවට දීලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ගෙදර යායුතුයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව නායකයා ලෙස පිළි අරගෙන නැති බවයි මේ ප්‍රතිඵලයෙන් පෙනෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කළ අභූත චෝදනා පදනම් විරහිත බව ජනතාව පිළිගෙන තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 94,136ක් ඡන්ද ලැබෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලැබුණේ 89000කී. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 69, 433කී. මෙහිදි ඡන්ද ලබා ගැනීමට ගත හැකි උප්පරවැට්ටි සියල්ල දැම්මා කළ සෑම බලපෑමක්ම ඇති කළා නමුත් එ බලාපොරොත්තු ඉටුකරගන්න ජනතාව ඉඩදුන්නේ නැහැ.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා.....මේ ප්‍රතිලය ලබාදෙන්න පෙරමුණ ගත් සිංහල, දෙමල, මුස්ලිම් ඇතුළු සියලු ජනතාව අපි හිස නවා ආචාර කරනවා. පනස්හයේ පෙරළිය සිදුවුයේ කොහොමද කියලා ඔබ සැම දන්නවා ඊටත් වඩා පෙරළියක් බව මේ ජයග්‍රහණය හැඳින්විය හැකියි. මේ රටේ ජනතාප මේ වසර තුන කරගසාගෙන පැමිණියේ කැමැත්තෙන් නොවේ කියා තමයි මින් පැවසෙන්නේ. මේක ජනමත විචාරණයක් ලෙසයි සිදුවුයේ. මේක තිනිකර සිදුවි ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ පොදු ජනතාව සිට ගැනිමක්. ව්‍යවස්ථාව, එට්කා ගිවිසුම වැනි දේවල් නවත්වන්න කියන ප්‍රහාරක ප්‍රතිඵලයක් තමයි මේක. ඊට ඇහුම්කන් දෙන්න කියා ඉල්ලා සිටිනවා ඔබලාට රඟන්න තවත් නැටුම් නෑ. ඒ නිසා ගෙදර යන්න කියන පණිවුඩය තමයි ජනතාව ලබාදී තියෙන්නේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා...මේ මැතිවරණ ප්‍රතිඵලයක් ජාතියේ ඉතිතහාසයේ වෙනස් කළ එකක්. පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ පාලන බලය අහිමි පක්ෂයක් ජය ලැබු අවස්ථාවකීමේ. මින් ඉතාමත්ම පැහැදිලි වන්නේ ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා... මෙම ප්‍රතිඵලය ලබාදීමට උරදුන් සියලු දෙනාට ලෙන්ගතුව ආචාර කරනවා. කෝටි ගණනන් වියදම් කොට විශාල ප්‍රචාරක ව්‍යාපෘති සිදුකළා. ජනතා විමුක්ති පෙරමුණත් එය සිදුකළා. නමුත් ඔබ සියලු දෙනා නිහඬව අවශ්‍ය දේ ඉටුකළා. පසුගිය වසර තුනක කාලය තුල මහින්ද ලකුණ අවලංගු කරන්න ඊට අඩත්තෙට්ටම් කරන්න ක්‍රියා කළා. එතුමාට අපහාස කරන්න මඩ ගහන්න රාජපක්ෂ පවුලට එසේ කරන්න මුළු ආණ්ඩු යාන්ත්‍රණයම කටයුතු කළා. වසර තුනක් අඛණ්ඩ දැවැන්ත මෙහෙයුමක් කළා. නමුත් ඊයේ දිනයේදී ජනතාව ඊට පිළිතුරක් දුන්නා මහින්ද කියන ලකුණ දේශපාලන ශබ්දකෝෂයේ තියෙන තවත් වචනයක් නොවේ ප්‍රබල ව්‍යාකරණයක් කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රිණි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය... උතුරු නැ‍ඟෙනහිර පළාත්වලින් පිට තිබෙන පළාත් පාලන ආයතන දෙසිය හැත්තෑ හතරෙන් දෙසිය තිස්හතරක්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම ඉතා සුවිශේෂි ජයග්‍රහණයක්.

ලංකා සමසමාජපක්ෂයේ නායක මහචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජාකොල්ලුරේ හා හිටපු මහාබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ද අදහස් දැක්වුහ. මේ මාධ්‍ය හමුවට තවත් දේශපාලඥයෝ හා විද්වතුන් රැසක් එක්ව සිටියහ. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();