Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉරාන ගුවන් යානයේ සිටි මගීන්ගේ තොරතුරු දැනගන්න ඥාතීන් නොඉවසිල්ලෙන්

 අනතුරට පත් ඉරාන ගුවන් යානයේ සිටි මගීන් පිළිබඳ කිසියම් තොරතුරක් බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ ඥාතීහු නොඉවසිල්ලෙන් බලා සිටින බව ටෙහෙරානය වාර්තා කරයි.

කඩා වැටුන යානය 'ටෙහෙරාන්' අගනුවර සිට 'යසුජ්' නම් නිරිත දිග නගරය කරා පියාසර කරමින් සිටි අතර ඉස්ෆහාන් නගරයෙන් දකුණු දෙසින් පිහිටි ෂග්‍රොෂ් කඳුකරයට කඩා වැටී තිබේ.

වසර විස්සක් පැරණි මේ යානය උදෑසන පහට පමණ ගුවන් ගත වූ යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වූ බව ඉරාන් ගුවන් ගමන් පාලක මැදිරිය පවසයි.

හෙලිකොප්ටර් යානයක් අනතුර සිදු වූ ස්ථානය කරා ලඟා වීමට උත්සාහය කළත් එහි පැවති අයහපත් කාලගුණය නිසා එහි ගොඩබෑමට නොහැකි වී ඇති අතර රතු අඩසඳ සංවිධානය පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇති බව එරට මාධ්‍ය අනාවරණය කරයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();