

පාරම්පරිකව උරුම වූ ශිල්පීය කුසලතා නව තාක්ෂණය සමඟ මුසු කර ගනිමින් කැටයම් කලාවේ නිරත පොළොන්නරුව, ඇතුමල්පිටිය පාරේ පිහිටි නිශාන්ත කැටයම් අලෙවිසලේ කටයුතු පෙරේදා (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
පොළොන්නරුව ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඉන් අනතුරුව ඒ අවට නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මෙම කැටයම් වෙළෙඳ සල වෙත ද පැමිණියේය.
එහි හිමිකරු ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහක නිරත වෙමින් ටික වේලාවක් රැදී සිටි ජනාධිපතිතුමා වෙළෙඳ සල ද නිරික්ෂණය කෙළේය.
හෙළ සංස්කෘතිය පිළිබිඹු කරන නිර්මාණ රැසක් මෙම වෙළෙද සල තුළ දක්නට ලැබෙන හෙයින් බොහෝ දෙස් විදෙස් සංචාරකයෝ එහි පැමිණෙන අතර එම සංචාරකයින් සමඟ ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.
ඡායාරූපය :ජනාධිපති මාධ්‍ය අංශය


0 Comments