Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තොරතුරු පනත සක්‍රීයව ක්‍රියාත්මකයි

කලාපීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් ද ඉතා වටිනාකමකින් යුත් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත මෙරට තුළ ක්‍රියාත්මක වී මෙම පෙබරවාරි 3වන දිනට වසරක් සපිරෙන්නට විය.. තොරතුරු පනත මගින් පුරවැසියන්ට ලැබෙන තොරතුරු අයිතිය වූ කලි පුරවැසියාහට නිල තොරතුරු කරා ප්‍රවේශ විය හැකි ප්‍රබලතම මාර්ගය වේ. රාජ්‍ය ආයතන මගින් තොරතුරු ලබා ගැනීමට මෙම නිතිය මගින් මහජනයාට ඉඩ සැලසීම මෙහි මුලික පරමාර්ථය වේ.

RANK අමාත්‍යාංශය ප්‍රතිශතය

1 අධ්‍යාපන අමාත්‍යාංශය 35

2 රාජ්‍යය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශය 30

3 සෞඛය, පෝෂණ සහ දේශීය වෛද්‍යය අමාත්‍යාංශය 11

4 ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය 6

5 ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය 5

6 මුදල් සහ ජනමාධ්‍යය අමාත්‍යාංශය 4

වගුව 1 : මාත්‍යාංශ ඔස්සේ ලද තොරතුරු අනුව

වැඩිම තොරතුරු ඉල්ලීම් ලද අමාත්‍යාංශ 6

තොරතුරු පනත ක්‍රියාත්මක වී වසරක් වැනි කෙටි කාලයක් තුලදී මෙය ඉතා සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන බව දැකිය හැකිය. මේ වනවිට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත තොරතුරු ඉල්ලීම් වලට අදාළ අභියාචනා 485ක ප්‍රමාණයක් ලබා ඇති අතර එයින් අභියාචනා 200 අධික ප්‍රමාණයක් විභාගකොට අවසන් කොට ඇතග ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තොරතුරු අයිතිය සමාජගත කිරීම සදහා කැපවී කටයුතු කරන ආයතනයකි. ජනතාව තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතයට ගෙන ඉදිරිපත් කර ඇති තොරතුරු ඉල්ලීම් පිළිබද විමසීමක් කිරීම සදහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තෝරාගත් අමාත්‍යාංශ කීපයකින් තොරතුරු විමසන ලදි

මේහිදී අමාත්‍යාංශ 32කින් කළ විමසීමට යහපත් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශ 22ක් අප වෙත තොරතුරු ලබා දුනි. අමාත්‍යාංශ 22 මගින් ලබා දුන් දත්ත අනුව අදාළ අමත්‍යංශ වෙත ලැබී ඇති තොරතුරැ ඉල්ලීම් ප්‍රතිශතයක් ලෙස 88% කි. එයින් ප්‍රතික්ෂේපිත තොරතුරු ගණන ප්‍රතිශතයක් ලෙස ගත් කළ 12% කි.

දිස්ත්‍රික්ක ඉහලම අගයන්

1 කොළඹ

2 ගම්පහ

3 මහනුවර

4 කුරුණෑගල

5 ගාල්ල

6 හම්බන්තොට / කළුතර

පහළම අගයන්

20 නුවරඑළිය

21 මන්නාරම

22 කිලිනොච්චිය

23 මඩකළපුව

24 වවුනියාව

25 මුලතිව්

වගුව 2 : තොරතුරු ලද දිස්ත්‍රික්ක පිළිවෙල

අප වෙත අමත්‍යංශ ලබා දුන් තොරතුරු අනුව තොරතුරු පනත භාවිතයට ගෙන බොහෝ ඉල්ලම් ඉදිරිපත්ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතය. විවිධ අංශ ඔස්සේ ඔවුන් ලද තොරතුරු ඉල්ලීම් ගණන ප්‍රතිශතයක් ලෙස ගත කළ 35% කි.

දෙවනුව රාජ්‍යය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයයි මේ දෙසට අවධනය යොමු කිරීමේදී ප්‍රතිශතයක් ලෙස 30% කි. මෙහිදී සේවා තොරතුරු , දේශපාලන පලිගැනීම් කමිටු තීරණ , විවිධ විෂයන් වලට අදාළ අමාත්‍යාංශ මණ්ඩල සංදේශ සහ තීරණ , ආයතන සංග්‍රහයේ විදිවිධාන පැහැදිලි කර ගැනීම ආදී කාරනා තුලින් තොරතුරු ඉල්ලීම් සිදු කොට ඇත සෞඛය, පෝෂණ සහ දේශීය වෛද්‍යය අමාත්‍යාංශය තෙවනුවත් මෙය ප්‍රතිශතයක් ලෙස ගත කළ 35% ලෙසටත් දැක්විය හැකිය. එමෙන්ම ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය ,ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පිළිවෙලින් තොරතුරු අයදුම්පත් ලැබී ඇත. මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය තොරතුරු පණත ක්‍රියාත්මක කිරීමේ වගකීම පවතින අමාත්‍යාංශයයි. මෙම අමාත්‍යංශයට ලද තොරතුරු ප්‍රතිශතයක් ලෙසට 4% කි

මෙලෙස සිදු කළ තොරතුරු ඉල්ලීම් මත වැඩිම තොරතුරු ඉල්ලීම් සිදු කළ දිස්ත්‍රිකය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයි, දෙවනුව ගම්පහ දිස්ත්‍රික්යත් තෙවනුව මහනුවර දිස්ත්‍රික්කයත් වේ. එමෙන්ම අඩුම තොරතුරු ඉල්ලීම් සිදු කළ දිස්ත්‍රික්ක ලෙසට සටහන් වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයි. පසුව වවුනියා දිස්තිකයත්, මඩකලපු දිස්ත්‍රික්යත් පිළිවෙලින් සටහන් වේ.

තෝරාගත් අමත්‍යංශ කීපයක් ඔස්සේ ගොනු කළ තොරතුරු දෙසට අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ තොරතුරු දැනගැනීමේ පනත ඉතා සාර්ථක ලෙසට ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම මෙහි සාර්ථක ඉදිරි ගමන්මග සදහාද මෙය කදිම නිදසුනක් ලෙසට දැක්විය හැකිය. රටක් වශයෙන් තොරතුරැ අයිතිය ඔස්සේ නිසි ප්‍රයෝජනය ගත හැක්කේ පුරවැසියා විසින් මෙම භාවිතයට ගන්නා තරමටය. එබැවින් පුරවැසි සක්‍රිය දායකත්වය ඉතා වැදගත් වේ. තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක වී වසරක් පිරිම නිමෙත්තෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලදි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();