එළඹෙන හය වැනිදා නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
මේ සඳහා ශ්‍රී ලංකාව – ඉන්දියාව හා බංගලාදේශය යන රටවල් තුන සහභාගී වනවා.
ඒ සඳහා වූ විසි දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති බව වාර්තා වනවා..
මෙම සංචිතට ඇන්ජිලෝ මැතිව්ස්ගේ නම ඇතුලත් නොවුයේ ඔහුගේ අබාධ තත්වය තවමත් සුව වී නොමැති හේතුවෙන්.
තවද ලසිත් මාලිංගගේ නමද ඇතුලත් නොවීම කාගේත් කතාබහට ලක්ව තිබෙනවා..
තවද අසේල ගුණරත්නද අබාධ තත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
මීට අමතරව අද දිනයේදී මෙම විසි දෙනෙකුගෙන් යුත් සංචිතයේ හොඳම 15 තෝරා, නිදහස් කුසලානය සඳහා ක්‍රීඩා කරන අවසන් 15 දෙනා නම් කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
20 දෙනෙකුගෙන් සමන්විත විස්සයි විස්ස සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක)
උපුල් තරංග
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දසුන් ශානක
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
සුරංග ලක්මාල්
නිරෝෂන් දික්වැල්ල
සදිර සමරවික්‍රම
ඉසුරු උදාන
ජෙෆ්රි වැන්ඩස්න්
අකිල ධනංජය
අමිල අපොන්සු
අසිත් ප්‍රනාන්දු
ළහිරු කුමාර
නුවන් ප්‍රදීප්
දුෂ්මන්ත චමීර
ධනංජය ද සිල්වා
from Gossip Lanka News & Video http://ift.tt/2COhmqS
via internet

0 Comments