Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාජ -ආර්ථික සංවර්ධනය උදෙසා සමූපකාර ව්‍යාපාරය යොදා ගන්නවා

Author(s): 
චමීර ඇල්ලදෙණිය

සමූපකාර ව්‍යාපාරය සමාජ -ආර්ථික සංවර්ධනයට හා සමාජ සුබසාධනයට යොදා ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

තිරසර ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සමූපකාර ක්ෂේත්‍රයේ ප්‍රමඛතාව ලබා දෙනඅතර තිරසර සංවර්ධන ඉලක්ක සමූපකාර ක්ෂේතයට යොදා ගැනීමටත් කටයුතු කරන බව බදියුදීන් මහතා කීවේය.

කොළඹ ගලධාරී හෝටලයේ දී පෙරේදා (26) ආසියානු හා පැසිපික් සමූපකාර සංවර්ධන සමුළුවට සහභාගීවෙමින් එසේ කී ඇමැති බදියුදීන් මහතා පාරිභෝගිකයාට මෙන්ම නිෂ්පාකදකයාට වෙළෙඳපළ නිර්මාණය කිරීමේ කාර්ය මැනවින් සමූපකාරය ඉටු කරන බවද පෙන්වා දුන්නේය.

සමූපකාර ව්‍යාපාරය මෙරට ජන සමාජයේ සමාජ ගත කිරීමට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ඉදිරියේ දී ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස සමූපකාරය ගොඩනැගෙන බවත් හෙතෙම කියා සිටියේය.

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත්මොස්ද කීය

අද දින සමුපකාර ක්ෂේත්‍රයේ පිරිස හමුවීම පිළිබඳ මා සතුටට පත් වෙනවා. මෙහිදී සමූපකාර ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ මා අවධානයෙන් සිටිනවා. මා ඇමැතිවරයා වශයෙන් ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කිරීමට මැදිහත් වෙනවා. ලෝකයේ තිබෙන තිරසර ආර්ථික සංවර්ධන ඉල්ලක 17ක් පෙරදැරිකරගෙන අපේ රටේ සංවර්ධනයට, ආර්ථික පදනමට දායකත්වය ලබාදීමට අප කටයුතු කරනවා. සමූපකාරය මේ රටේ ජනතාවගේ හිතමිතුරා බවට පත් කරන්න කටයුතු කරනවා. සමූපකාර නිෂ්පාදන දෙස් විදෙස් වෙළෙඳපළට ලබාදීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරෙීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා අද සමූපකාර ජාත්‍යන්තර සමුළුවේ අදහස් අපට බොහෝ ප්‍රයෝජනවත්.

ඒ වගේම සමුපකාර ක්ෂේත්‍රයේ ඕනෑම තොරතුරක් ලබාගත හැකි මධ්‍යස්ථානයක් මෙන්ම ජාල තොරතරු ලබාදීමේ මධ්‍යස්ථානයක් ඇති කිරීමට පියවර ගන්නවා. සමූපකාර ක්ෂේත්‍ර යේ ගැටලු ඉදිරියේ දී අප විසඳීමට කටයුතු කරනවා. සමූපකාර ව්‍යාපාරය සමාජ ආර්ථික සංවර්ධනය සඳහා සමාජ සුබසාධනය සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා. ඉදිරියේ දී විශාල ගැම්මක් සහිතව සමූපකාර ව්‍යාපාරය ශ්‍රී ලාංකික සමාජයේ තදින් සමාජගත කිරිමට අවශ්‍ය වටාපිටාව නිර්මාණය කරනවා.

ආසියානු හා පැසිපික් කලාපීය රටවල මැති ඇමැතිවරු මෙන්ම සමූපකාර ක්ෂේත්‍ර යේ නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය- චමින්ද නිරෝෂණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();