Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැඩි නියඟයෙන් කොත්මලේ ජල මට්ටම 28% දක්වා පහළට

කඩදොර ගම්මානයේ ඉපැරණි නටඹුන් මතුවෙයි 

පවතින ඉඩෝරය සමඟ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම 28%දක්වා පහත බැස ඇති බව එහි කාර්ය භාර ඉංජිනේරු නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. චන්ද්‍රතිලක මහතා සඳහන් කරයි.

මෙසේ ජල මට්ටම පහත බැසීමත් සමඟ වේල්ල පිහිටි පැරණි කඩදොර ග්‍රාමයේ බුදු මැදුර ඇතුළු විහාරස්ථානයේ නටඹුන් මතු වී තිබේ. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ ජලාශ අතරින් ඉහළින්ම ඇති කොත්මලේ ජලාශය සි‍ඳෙමින් පැවතීම අනෙකුත් ජලාශවල ජලධාරිතාවට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර එය ජල විදුලි නිෂ්පාදනයට ද ඍජුව බලපා තිබේ.

කොත්මලේ ඔයත් මහවැලි ගඟත් හමුවන ස්ථානයට සැතපුම් 4ක් ඉහළ කඩදොර පිටිය නැමැති ස්ථානයේ 1979 වසරේ දී ආරම්භ කර 1985 වසරේ දී විවෘත වූ මෙම ජලාශය සඳහා එවකට රුපියල් කෝටි 900ක් වැය වී ඇති බව සඳහන් වේ. මෙහි ජල ධාරිතාව අක්කර අඩි 141000කි.

උසින් අඩි 285 (මීටර් 85) හා පළලින් අඩි 1969ක් (මීටර් 600) වන ජලාශ බැම්ම ගල් අතුරා සකස් කරන ලද්දකි. (මෙම ජලාශයේ විදුලි නිෂ්පාදනය මෙගා වොට් 134කි)

කෙසේ වෙතත් පවතින මෙම ඉඩෝරය සමඟ ශීඝ්‍ර ලෙස ජලය අ‍ඩු වී යාම නිසා ජලය පරිහරණය කරන්නන් ඒ සඳහා අරපිරිමැස්මෙන් එම කටයුතු සිදු කරන ලෙස ද ඉල්ලා සිටින ප්‍රධාන ඉංජිනේරුවරයා තවදුරටත් ඉඩෝරය පැවතීම දැඩි අවදානමක් බවද ප්‍රකාශ කර සිටී.

කෙසේ නමුත් සුපුරුදු පරිදි කඩදොර විහාරයේ චෛත්‍ය මතුවීම සමඟ බැතිමතුන් එය වන්දනා මාන කිරීම සඳහා පැමිණෙමින් සිටිති.

ඔවුන් අතර මීට වසර 38කට පෙර මෙම ගම්මානවලින් දුර බැහැර ප්‍රදේශවල පදිංචියට ගිය විශාල පිරිසක් නැවත පැමිණ තමන්ගේ යට වූ ගම්බිම් බැලීම සිදුකරනු ලබන්නේ දැඩි සංවේගයෙනි.

ඒ ලෙස මාදුරුඔය කලා වැව ප්‍රදේශයේ ඉඩම් ලැබී ගිය පිරිසක් නැවත ජලාශයන් මතු වු තම ගම්මානය හා බුදු පිලිමවහන්සේ දැක ගැනීමට පැමිණ සිටි අයුරුද දක්නට ලැබුණි.

මේ ලෙස වස්සානයට යටවී ගිම්හානයට යළි මතුවන තම සුන්දර ගම්මානය දැක අතීත තොරතුරු තම දරු මුනුපුරන්ට ඔවුන් කියා දෙන්නේ නෙතේ කඳුලැලිද පිස දමමින්ය.

අසේල කරුණාරත්න සහ ගම්පොල සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();