Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනවාරි 08 ජනවරම දිනවීම ආණ්ඩුවේ පළමු වගකීම බව ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්නුවා

මෙම පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පෙරමුණට ඡන්දය ලබාදුන් සියලූ ජනතාවට පළමුකොටම ගෞරව පූර්වක ප්‍රණාමය ප්‍රකාශ කරන බව ජාතික හෙළ උරුමයේ මහා ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.

මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් පෙනී යන්නේ, 2015 ජනාධිපතිවරණයේ දී අප විසින් පොරොන්දුවූ යහපාලනය, ජනතාවට දැනෙන අයුරින් ස්ථාපිත කිරීමට රජයක් ලෙස අප අපොහොසත් වී ඇතැයි මේ රටේ මහජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරන බවයි. ජනතාවගේ කැමැත්ත මත පදනම් වන සහ ජනතාවට වග කියන ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හැම විටම ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර, සාධනීය ලෙස භාර ගත යුතුය. එසේම ඒවාට උචිත ලෙස ක්‍රියාත්මකවීම ද කළයුතුය. ඒ අනුව, මහජනතාව සහ මෙම අවස්ථා වවිසින් ඉල්ලා සිටින ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක ප්‍රති සංස්කරණයන්ට යොමුවීම රජයට සම්බන්ධ සියලූම පාර්ශ්වයන්හි වගකීම බව අවධාරණයකිරීමට කැමැත්තෙමු.

කෙසේ වෙතත්, 2015 වර්ෂයේ දී විශාල මහජනතාවක් අපේක්ෂා සහගතව අප වටා එක්වූහ. එසේම වසර තුනකට පසුව, රජයේ පාර්ශ්වයෙන් විවිධ අඩුපාඩුකම් සිදුවී තිබියදීත් විශාල ජනතාවක් අප පිළිබඳ තවදුරටත් විශ්වාසය තබා ඇති බව ද මෙවර මැතිවරණ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරේ. අපගේ පළමු ප්‍රමුඛතාව වියයුත්තේ එම ජනතාවයි. මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණට ඡන්දය ලබා දුන් එම ජනතාව අත්නොහැර, ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් තවදුරටත්කටයුතු කිරීම අප සියලූ දෙනාගේම වගකීම සහ යුතුකම බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();