Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊජිප්තු ගායිකාවකට මාස 06ක සිර දඬුවමක්

නයිල් ගංඟාව ගැන ප්‍රසිද්ධියේ විහිළුවක් කළ ඊජිප්තු ගායිකාවකට මාස 06ක සිර දඬුවමක් හිමිවී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සිර දඬුවම හිමිවූයේ ෂෙරීන් අබ්දෙල් වහාබ් නමැති ගායිකාවටය. ඇය ඊජිප්තුවේ ඉතා ජනප්‍රිය ගායිකාවකි.

ෂෙරීන් අබ්දෙල් වහාබ් විහිළුකට ගෙන ඇත්තේ නයිල් නදියේ පිරිසුදුබවය. රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඇය පවසා ඇත්තේ නයිල් නදියේ ජලය ඉතා අපිරිසුදු බවත්, ජලය පානය කළොත් රෝගී වන බවත්ය.

ෂෙරීන් අබ්දෙල් වහාබ් කළ මෙම ප්‍රකාශය නයිල් නදියට කළ අවමානයක් යැයි ඊජිප්තු රජය මෙන්ම අධිකරණය ද තීරණය කර ඇත. ලොව දිගම ගංගාව ලෙස සැළකෙන්නේ නයිල් නදියයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();