Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අ.පො.ස.විභාගයට පෙනී සිටින්නන්ට අධ්‍යාපන ඇමැතිගෙන් සුබපැතුම්

 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 5,116 ක දී අද (12) ආරම්භ වන අතර, ඒ සඳහා ඉදිරිපත්වන සියලු සිසුන්ට විභාගයට සාර්ථකව මුහුණ දී තම අනාගත කඩඉම ජය ගැනීමට හැකි වේවායි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සුබ පැතුම් එක් කරයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 688,573 දෙනකු පෙනී සිටීමට නියමිත ය. විභාගය සාර්ථකව පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවත්, විභාග නීති රීති අනුව කටයුතු කරන ලෙස සියලු විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා පවසයි. එමෙන්ම, දුම්රිය ප්‍රවාහන ගැටලු මතුවන්නේ නම් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත තම දරුවන් යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මවුපියන්ගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (11) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව පැවැසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();