Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියාවේ විශිෂ්ටතම කළමනාකරණය සහිත වරාය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ බිහි වෙනවා

ශ්‍රී ලංකාවේ භූ දර්ශනයේ විශාල වෙනසක් සිදුවෙමින් වේගවත් සංවර්ධන ඉලක්ක කරා රට පියනගද්දී සංවර්ධනයේ ප්‍රධාන අවශ්‍යතාව නිසි කළමනාකරණය බව පැවසූ ඇමැති සරත් අමුණුගම මහතා ආසියාවේ විශිෂ්ටතම කළමනාකරණය සහිත වරාය ඉදිරියේදි ශ්‍රී ලංකාවේ බිහිවනු ඇති බව පෙන්වාදෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ සහ කළමනාකරණ පීඨයේ මානව සම්පත් කළමනාකරණ අංශය සංවිධානය කළ 2017 ජනතා කළමනාකරණ ජාතික සමුළුව විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී ආරම්භ වූ අවස්ථාවේ ඇමැතිවරයා මේ අදහස් පළකළේය.

මේ සඳහා දෙස් විදෙස් නියෝජිතයෝ රැසක් සහභාගි වූහ. එම පිරිස හමුවේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේ සංවර්ධනයේ ප්‍රමුඛතම සාධකය කළමනාකරණය බවයි.

මෙවර තෝරා ගෙන ඇති මාතෘකාව මෙරටට වඩාත් වැදගත් මාතෘකාවක් බව ද, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක කළමනාකරණ ගැටලු විසඳීමකින් තොරව ආර්ථික හෝ සමාජීය සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

කොළඹ නගරය දෙස බලද්දී විවිධ නව ව්‍යාපෘති රාශියක් දැකිය හැකි බව පැවසූ ආචාර්ය සරත් අමුණුගම මහතා ශ්‍රී ලංකාවේ භූ දර්ශනයේ විශාල සංවර්ධනයක් දැකිය හැකි බව සඳහන් කළේය. නව මූල්‍ය නගරයක් ඉදි වෙමින් පවතින බව ද එය ශ්‍රී ලංකා රජයේ සහ චීන සමාගමක් එක්ව සිදු කරන බව ද එය විශිෂ්ට කළමනාකරණයක් සඳහා හොඳ උදාහරණයක් බව ද ඒ මහතා පැවැසීය. වසර දෙකක් වැනි කාලයක් තුළ සිදු කළ මෙම ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියරේ පවතින බව ද ඔහු අනාවරණය කළේය.

කොතරම් වේගයෙන් වැඩ කළ හැකි ද යන්න හා කොතරම් ඉක්මනින් එහි ප්‍රතිඵල ලබා ගත හැකි ද යන්න පිළිබඳව මෙමගින් වටහා ගත හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. පසුගිය දිනෙක හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා සිදු කළ ගිවිසුම පිළිබඳව සිහිපත් කළ ආචාර්ය සරත් අමුණුගම මහතා ඉදිරි වසර දෙක තුනකින් දකුණු ආසියාව තුළ වඩාත් විශිෂ්ට කළමනාකරණයකින් යුතු හොඳම වරාය ලෙස දැක ගත හැකි වනු ඇති බව පැවැසීය.

වේගවත් ආර්ථික සංර්ධනයකට ප්‍රමුඛතම සාධකය කළමනාකරණය බව විශ්වාස කරන බව ද ඒ අනුව කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ සහ කළමනාකරණ පීඨයේ මානව සම්පත් කළමනාකරණ අංශය සංවිධානය කළ 2017 ජනතා කළමනාකරණ ජාතික සමුළුව කාලීනව ඉතා වැදගත් එකක් බවද සමුළුවේ සාර්ථකත්වය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. 

ක්‍රිසන්ති විතාරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();