Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිනිස්සු නොමිනිසුන් වී කුඩු උරන්න කෙරු පහත් වැඩේ (Video)

කොළඹ නගරයේ නවතා තැබෙන රථ වාහන වලින් පැති කණ්ණාඩි සොරකම් කරන පුද්ගලයෙකු කොටුකර ගැනීමට කොටහේන පොලීසිය සමත් වී තිබෙනවා. මේ අතර කොටහේන ප‍්‍රදේශයේ රන්මාල සොරකමකට සම්බන්ධ සැකකරුවෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පොලීසිය සඳහන් කලේ මේ පුද්ගලයින් දෙදෙනාම මත්කුඩු පානයට දැඩි ලෙස ඇබ්බැහි වූවන් බවයි.

කොටහේන ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු මහමග ගමන්ගන්නා කාන්තාවකගේ රන්මාලයක් මංකොල්ලකෑමේ නිරතවන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබෙනවා. තී‍්‍ර රෝද රථයකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙකු මෙම මංකොල්ලයට සම්බන්ධ වන අතර මාලය පැහැර ගැනීමෙන් අනතුරුව ඔවුන් තී‍්‍ර රෝද රථයෙන්ම පළායනවා.

කෙසේ වෙතත් පසුව මින් එක් පුද්ගලයෙකු කොටහේන පොලීසිය මගින් කොටුකර ගත් අතර අනෙක් පුද්ගලයා පළාගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කලේ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වූ ඔවුන් මත්කුඩු පානයට ඇබ්බැහිවූවන් බවයි. මේ අතර කොටහේන ෂිවානන්ද විදීයේ නවතා තිබෙන වාහන වල පැති කණ්ණාඩි සොරකම් කිරීම හේතුවෙන් රථ වාහන හිමිකරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා.

පාපැදියකින් පැමිණෙන පුද්ගලයෙකු ඒවා සොරා ගන්නා අන්දම වෙළෙඳසැලක සවිකර තිබූ සීසීටීවී කැමරාවක මෙලෙස සටහන්වී තිබුණා. කෙසේ වෙතත් මාළිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට කොටහේන පොලීසිය සමත් වුණා. පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා ද දැඩි ලෙස මත්කුඩු පානයට ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු බවයි.ඔහු අලූත්කඬේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

වීඩියෝව පහතින්….

The post මිනිස්සු නොමිනිසුන් වී කුඩු උරන්න කෙරු පහත් වැඩේ (Video) appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();